Sorry, you need to enable JavaScript to visit this website.

දෛනික ව්‍යායාමවලට ඇබ්බැහි වන්න

ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම ඔබේ පවුලේ සම්ප්‍රදායක් කරගන්න.ස්වභාවිකව ක්‍රියාශීලීත්වයෙන් යුතු දරුවන්ට එම ශක්තිය විධිමත්ව මුදා හැරීමට අවස්ථාවක් නොලැබුණු විට ඔවුහු අවිනිශ්චිත ගතිගුණ සහිත දරුවෝ බවට පත් වෙති.එම නිසා දෙමව්පියන් ලෙස ඔබ මැදිහත් වී අවම වශයෙන් දිනකට විනාඩි තිහක්වත් දරුවන්ව යම් කිසි ක්‍රියාකාරකමකට සහභාගි කරවා ගැනීමට උත්සාහ කරන්න.මේ මඟින් ක්‍රියාශීලිත්වය පමණක් නොව දෙමව්පියන් සමග වැඩි වේලාවක් ගත කිරීමටද දරුවන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.

දිනපතා හෝ පවුලක් ලෙස ක්‍රියාශීලී වීමට ඔබට භාවිතා කළ හැකි උපක්‍රම කීපයක් මෙසේ ය.

  1. ඇතැම් විට ඔබේ දරුවන් ඔවුන්ගේ කෙළි සෙල්ලම්වල යෙදෙන විට ඔබ ඔබගේ දෛනික ව්‍යායාම් කාලසටහනට අනුව ව්‍යායාම කරනවා වන්නට පුළුවන්.නමුත් ඔබට සහ දරුවන්ට එකතු වී විනෝද විය හැකි ක්‍රියාකාරකම් බොහෝ ගණනක් ඇත.රේස් දිවීම, බැඩ්මින්ටන් ගැසීම, පිහිනීම ඒ අතරින් කීපයකි.ඔබත් ඔබේ දරුවා සමඟ ක්‍රියාශීලීවන්න.
  2. ක්‍රියාශීලී වීම මගින් ඔබේ ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය ද වර්ධනය වේ.දරුවන් සමග සමග ක්‍රිකට් ගැසීමෙන් හෝ තරගයට නැටීමෙන් ඔබේ සිරුර සැහැල්ලු වෙනවා පමණක් නොව මනසද ප්‍රබෝධයෙන් පිරෙනු ඇත.පවුලක් ලෙස විනෝද වන මෙබඳු අවස්ථා අනාගතයේ දී දරුවන්ට රසබර මතක බවට පත්වනු ඇත.
  3. දිනපතා ක්‍රියාශීලී වීම මගින් පවුලක් ලෙස සමබර ආහාර වේලක් ගැනීමට ද පෙළඹවීමක් ඇති කරනු ලබයි.ඔබේ පවුලේ සෞඛ්‍ය වෙනුවෙන් සිදුකරන ලබන ඕනෑම ආයෝජනයක ප්‍රතිඵල හෙට දිනය තුළ ඔබට ලැබෙනු ඇත.එසේම දරුවා විසින් පවුලේ සාමුහික ඉලක්ක පිළිබඳව අවබෝධයක් ලබා ගනු ඇති අතර ජීවිතය පිළිබඳව ධනාත්මක ආකල්ප ඇති කර ගනු ඇත.එසේම දෙමව්පියන් වන ඔබගේ ක්‍රියාකාරකම් අනුව ඔවුන් ගේ චරිතය හැඩගස්වා ගැනීමට ද ඔවුන් පෙළඹෙනු ඇත.එබැවින් දිනපතා එකිනෙකට වෙනස් විනෝදජනක ක්‍රියාකාරකමක පවුලක් වශයෙන් යෙදෙන්න.
  4. පවුලක් ලෙස ක්‍රියාශීලී වීමේ තවත් වාසියක් නම් අලුත් අලුත් විනෝදාංශ අත්හදා බැලීමටත් බැලීමටත් පෙළඹීමයි .බයිසිකල් පැදීම, යෝගා අභ්‍යාස වැනි දෑ ඉගෙන ගැනීමටත් ඒ මඟින් විනෝද වීමටත් පවුලේ සියලු දෙනාම පෙළඹෙනු ඇත.
  5. සුරතල් බල්ලෙක් ඇති කිරීම මගින් ද දෛනිකව මිනිත්තු තිහක් පමණ ක්‍රියාශීලී වීමට උත්තේජනයකි.ඔබට බල්ලෙකු ඇති කිරීමට අපහසු නම් ඔබ ප්‍රදේශයේ බල්ලන් කැටුව යන් සංගමයක් වැනි සමාජ සත්කාරයක් ආරම්භ කරන්න. මේ මඟින් දරුවන්ට වඩාත් සමාජශීලී වීමට මෙන්ම තම දෙමව්පියන් සමග වැඩි කාලයක් ගත කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

ව්‍යායාම යනු කිසිසේත්ම අපහසුකාරී සහ වෙහෙසකාරී දෙයක් නොවේ.ඔබට පවුලක් ලෙස විනෝද විය හැකි මෙන් ම ක්‍රියාශීලී විය හැකි බොහෝ ක්‍රියාකාරකම් ඇත.ඔබේ පවුලට ගැලපෙන ක්‍රියාකාරකම තෝරා ගන්න, පවුලක් ලෙස ක්‍රියාශීලීවන්න.


ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි