Sorry, you need to enable JavaScript to visit this website.

සලාදය අලුත් කරන්න

පලා වර්ග භාවිතා කොට සකසනු ලබන සංවාද වලට සියලුම දෙනවා ම ප්‍රිය නොකරන බව රහසක් නොවෙයි.මුකුණුවැන්න, ගොටුකොළ සහ නිවිති භාවිතා කර සකසන ලද සලාද දුටු සැණින් දරුවයෝ කෑම මේසෙන් ඉවතට දුවන අතර වැඩිහිටියයෝ පවා සිය විරෝධය පළ කරති.අපි සියලු දෙනාම රසවත් සහ විවිධත්වයෙන් යුතු ආහාර ප්‍රිය කරති.නමුත් පලා වර්ග භාවිතා කර සකසනු ලබන සලාද එසේ නොවන බව ඔබද පිළිගනු ඇතැයි අපි සිතමු.

සලාදයක් සැකසීමේ මූලික බලාපොරොත්තුව වන්නේ අපේ සිරුරට දිනකට පෝෂ්‍ය පදාර්ථවලින් අනූනආහාරයක් ලබා දීම යි.නමුත් සලාද සැකසීමේදී රසයෙන් මෙන්ම වර්ණයෙන්ද ඉහළ නැංවීමට වෙනත් ආහාර වර්ග අපට භාවිත කළ හැකිය.ඒ සඳහා විවිධ ධාන්‍ය හෝ ඇට වර්ග , පලතුරු මෙන්ම ඇතැම් විට බත් ද භාවිතා කළ හැකිය.

නිවසේ නිතර සකසනු ලබන සලාදය වෙනස් කර ගැනීමට උපදෙස් කීපයක් මෙසේය.

  1. සලාදය ඔබේ කෑම මේසයේ ආකර්ෂණීයම ආහාරය බවට පත් කරන්න.ඒ සඳහා ඔබට බිත්තර, ඉස්සෝ, හාල් මැස්සෝ, කූණිස්සෝ වැනි දෑද භාවිතා කළ හැකිය.සෞඛ්‍යමත් ආහාරවේලක් සංකල්පය යටතේ හිඳිමින්ම සාම්ප්‍රදායික සලාදය වෙනස් කිරීමටත් දෙවරක් නොසිතන්න.
  2. සලාදය කොලපාටට පමණක් සීමා නොකොට දේදුනු පැහැයෙන් වර්ණ ගන්වන්න.ඒ සඳහා ඔබට මුං බීජ, දම් පැහැති ගෝවා භාවිතා කල හැකිය.එසේ පලා වර්ග වලට පමණක් සීමා නොවී වැදගත් නෙළුම් අල,බීට් රූට්, කැරට් කැරට් සහ පෝෂණ පදාර්ථ අනූන ආහාරද භාවිතා කළ හැකිය.
  3. ඔබට අවශ්‍ය නම් කොළ පැහැයට සීමා නොවී තව තවත් විවිධ අමුද්‍රව්‍ය එක් කොට සලාදය වෙනස් කරගත හැකිය.තම්බපු කඩල, බඩ ඉරිඟු හා වෙනත් එළවළු වර්ග ඊට එක් කර ගත හැකිය.මින් සලාදය විටමින්වලින් පරිපූර්ණ ආහාර වේලක් බවට පත්වේ.
  4. සලාද සඳහා හැකිතාක් දුරට දේශීය පලා වර්ග සහ එළවළු වර්ග භාවිතා කරන්න.
  5. ඔබ විසින් සකසනු ලබන සලාදය හැකිතාක් දුරට නැවුම්ව සහ දේශීය අමු ද්‍රව්‍යවලින් එක්කොට සදන සරල ආහාරයක් ලෙස සකසා ගන්න.ඇතැම්විට සලාදය සඳහා අවශ්‍ය දෑ ඔබට ගෙවත්තෙන්ම සොයාගත හැකිවනු ඇත.

මෙසේ රස සහ වර්ණය කිරීමෙන් පෝෂණයෙන් පිරුණු පවුලේ සියලු දෙනාම ප්‍රිය කරන ආහාරයක් ලෙස සලාදය ඔබේ දෛනික ආහාර වේලට එක් කර ගත හැකිය.මේ මගින් ඔබේ පෝෂණ අවශ්‍යතාද සපිරෙනු ඇත.


කර්තෘ : මයුරී ජයසිංහ

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි