Sorry, you need to enable JavaScript to visit this website.

පොටැටෝ වෙජස්

  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් 1kg (පොතු සහිතව වෙජස් ලෙස කපාගත්)
  • ගාලික් පවුඩර් තේ හැඳි 1
  • මිරිස් කුඩු මේස හැඳි 1 (රස අනුව)
  • නැවුම් තයිම් ඉති 1
  • පොල් විනාකිරි 15ml
  • ලුනු (රස අනුව)
  • තලාගත් ගම්මිරිස් මේස හැඳි 1
  • රස මුසු පැකට් 1
  • සුදු පොල් තෙල් 30ml

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කුළුබඩු මිශ්‍ර කරන්න - ගාලික් පේස්ට්, මිරිස් කුඩු, නැවුම් තයිම් කොළ, විනාකිරි, ලුනු, ගම්මිරිස්, රස මුසු සහ පොල්තෙල්

2 පියවර

පොතු ඉවත් කරන ලද පොටැටෝ වෙජස් ඇතුළත තද ගතියෙන් නමුත් පිටත මෘදු ගතිය වනතුරු තම්බන්න; පරීක්ෂා කිරීමට ටූත්පික්/හෝ ගෑරුප්පුවක් භාවිතා කරන්න.

3 පියවර

ජලය ඉවත් කර අමතර තෙතමනය වාෂ්ප වීම සඳහා විනාඩි 20ක් පසෙකින් තබන්න.

4 පියවර

එකම විදිහට ආලේප වන තුරු සියලුම වෙජස් සහ කුළුබඩු මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න.

5 පියවර

වෙජස් එකිනෙක නොගෑවෙන ලෙස air-fryer basket එකේ (හෝ oven tray එකේ) තබන්න.

6 පියවර

200°C උෂ්ණත්වයට විනාඩි 30ක් air-fry කරන්න (දාර crispy ගතියක් විය යුතුය. මදි නම් තවත් විනාඩි 10ක් පමණ air-fry කරන්න).

7 පියවර

තවත් ක්‍රමයක් - 200°C උෂ්ණත්වයට විනාඩි 45ක් අවන් එකේ බේක් කරන්න (දාර crispy ගතියක් වන තුරු).

8 පියවර

කපාගත් ළූනු කොළ ස්වල්පයක් ඒ මතට ඉසින්න. තක්කාලි සෝස් සමග උණුසුම්ව පිළිගන්වන්න. (කැමති නම් පමණක්).

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 259Kcal

කාබෝහයිඩ්‍රේට 42g

ප්‍රෝටීන් 5g

මේදය 9g

සංතෘප්ත මේදය 6g

තන්තු 7mg

සෝඩියම් 1015mg

කැල්සියම් 48mg

යකඩ 5mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි