පවුලේ සියලු දෙනාට ම එකසේ විනෝද විය හැකි තැනක් ඔබේ නිවසම පිහිටා ඇත. ඒ ඔබේ මුළුතැන්ගෙයයි. දෛනික ආහාර වේල් සැකසීම සඳහා දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් ඔබ ඔවුන්ගේ ජීවිතවලට බොහෝ වටිනාකම් එක් කරනු ඇත.එමගින් ජීවිත කාලය පුරාවට ම වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය වන අතර පවුලක් ලෙස විනෝද වීමේ අවස්ථාව ද ලැබෙනු ඇත. ඒ වටිනා අවස්ථාව ඔබේ දරුවන් සමඟ ගත කිරීම ඉතා වැදගත්.
මෙසේ මුළුතැන්ගෙයි වැඩකටයුතුවලට දරුවන් සහභාගී කරගැනීම මඟින් පහසුවෙන්ම ඔබට දරුවන් සමඟ ගත කරන කාලය වැඩි කර ගත හැකි අතර පවුලේ බැඳීම් වැඩි වර්ධනය වී රසබර මතක රැසක් සියලු දෙනාගේම හදවත්වල රැඳීමටද හේතු වනු ඇත.
නිතර නිතර ආහාර පිසීමට දරුවන්ගේ සහයෝගය ලබාගත ගැනීමෙන් දරුවන්ට ලැබෙන වාසි කීපයක් මෙසේය.
- කුඩා දරුවන්ට මුළුතැන් ගේ තුළ දී හා ආහාර මිශ්‍ර කිරීම, අඩුම කුඩුම මැනීම සහ එළවළු වර්ග කැපීම වැනි දේවලට සහභාගි කරවා ගැනීම මගින් ඔවුන්ගේ ඇස් සහ අත් අතර සහසම්බන්ධය මෙන්ම හසුරු කුසලතා ද වැඩි දියුණු වනු ඇත.මෙම කුසලතා දරුවාගේ චාරිකාව ශාරීරික වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර දින පතා මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීම කුඩා දරුවන්ට ඉතා වැදගත් ය.
- කුඩා කාලයේ පටන් දරුවන්ට ආහාර පිසීම හුරුකිරීම මගින් ජීවිත කාලය පුරාවටම තම කටයුතු පහසුවෙන් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.
- ඔබේ දරුවාටත් කෑම කැවීම යුද්ධයක්ව පවතී නම් දරුවාව කෑම පිසීමට සම්බන්ධ කර ගැනීමෙන් තමන් පිසූ දේ ආහාරයට ගැනීම ඔබේ බල කිරීමෙන් තොරවම ඔවුන් විසින් සිදු කරනු ඇත.
- වයසෙන් වැඩීමත් සමගම කෑම පිසීමේ දී දරුවන් ගණිතය සහ විද්‍යාව පිළිබඳව යම් ප්‍රායෝගික අවබෝධයක් අමු ද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඒ ඒ ඒ ආහාර සඳහා ගින්දර පාලනය තුළින් ලබා ගනු ඇත.
- ඉවුම් පිහුම් සඳහා ඒ ඒ පවුලට ආවේණික ක්‍රම ශිල්ප පිළිබඳව අවබෝධයක් දරුවාට මේමගින් ලැබෙනු ඇත.
- දරුවාව මුළුතැන්ගෙයි කටයුතු සඳහා සහභාගි කරවා ගැනීම මගින් ඔහු ඩිජිටල් තිර සමග ගත කරන කාලය අඩු කරගත හැකිය. දරුවාගේ ක්‍රියාශීලීත්වය ඉහළ නැංවීම එයද හේතුවක් වනු ඇත.
- තමන් විසින් සකසන ලද රසවත් ආහාරයක් දැකීමෙන් සහ රස බැලීම නිසා දරුවා තුළ ආත්මාභිමානය වර්ධනය වී ඒ තුළින් ආත්ම විශ්වාසයද වැඩි වනු ඇත.
- දරුවන් සමඟ ආහාර පිසීම තුළින් දෙමව්පියන් සමග ඇතිවන බැදීම් වැඩි වන අතර දරුවන්ගේ ජීවිතයට ජීවිත කාලය පුරාවටම අමතක නොවන රස බර මතක රැසක් එකතු වනු ඇත.
මේ සඳහා දරුවන්ව උනන්දු කරන්න මේ දේවල් උත්සහ කරලා බලන්න.
- ඔවුන්ගේ තේරීම් වලට ඉඩ දෙන්න - සතියේ එක් දිනයක් දරුවාට කැමති ආහාරයක් තෝරා ගැනීමට ඉඩ දෙන්න.
- කුඩා උපකරණ ලබා දෙන්න - දරුවන්ට ගැලපෙන ප්‍රමාණයේ උපකරණ ලබා දීමෙන් ඔවුන්ට පහසුවෙන් ආහාර පිසීමට හැකි වේ. උදාහරණ කුඩා හැන්දක්
- ප්‍රශංසා කරන්න - දරුවන්ගේ උත්සාහයන් ප්‍රශංසා කරන්න, වැරදි සිදු වුවද ඔවුන්ව දිරිමත්වන ආකාරයේ ප්‍රතිචාර දක්වන්න.
- ඒ අවස්තාව විනෝදජනක කරන්න - ආහාර පිසීම විනෝදජනක ක්‍රියාකාරකමක් බවට පත් කරන්න. සංගීතය වාදනය කරන්න, කතන්දර කියන්න, හෝ ක්‍රීඩාවක් බවට පත් කරගන්න.
මුළුතැන්ගෙය තුළ දරුවන් සමඟ ගත කරන කාලය ඔවුන්ගේ ජීවිත කාලය තුළ අගනා මතකයන් බවට පත් වනු ඇත. ඔවුන්ට ආහාර පිසීමේ කලාව ඉගැන්වීමෙන් ඔබ ඔවුන්ට ජීවිත කාලය පුරාවටම ප්‍රයෝජනවත් වන කුසලතා ලබා දෙනවා පමණක් නොව, පවුල් බැඳීම් ශක්තිමත් කිරීමටද දායක වනු ඇත. කෙසේවෙතත් දරුවන් සමඟ කුස්සියේ වැඩ කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.
ඔබ විසින් සකසන මීළඟ ඊළඟ ආහාර වේල සඳහා අනිවාර්යෙන්ම ඔබේ දරුවා ව දායක කර ගන්න.ඒ මගින් වෙහෙසකර කාර්යයක් පවුලටම එක්ව විනෝද විය හැකි කාර්යයක් බවට පත් වනු ඇත.