Sorry, you need to enable JavaScript to visit this website.

ඉක්මනින් පලදාව ලබා දෙන, ඉක්මනින් හැදෙන එළවළු

තමන්ගේම ගෙවත්තක වගා කිරීමෙන් ඔබ ගුණදායී රසවත් පලදාව ඉක්මනින් ලබා ගන්නට බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා බීජ පැළ කිරීමේ සිට පලදාව ලබාගැනීම දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට ඇත.

ඔබ ඔබේ පැළ නඩත්තු කළ යුතුයි. ඒ සඳහා පැළවලට පොහොර දැමීම, නිතිපතා වතුර දැමීම, ප්‍රමාණවත් හිරු එළිය ලැබෙනවා දැයි සහතික කිරීම සහ පලදාව හට ගැනීම සඳහා පැළ වැඩෙන තෙක් බලා සිටීම සිදු කළ යුතුයි.

එලෙස පලදාව ලැබෙන තෙක් බලා සිටීමට සිදුවන කාලය වැඩි යැයි ඔබට හැඟේ නම්, ඉක්මනින් පලදාව ලබා ගැනීම සඳහා වගා කල යුතු බීජ මොනවා දැයි අපි බලමු.

ඉක්මනින් හැදෙන එළවළු

සති 4 සිට මාස 3 දක්වා පලදාව ලබා දෙන අවුරුද්ද පුරා වගා කළ හැකි පැළ කිහිපයක් මෙන්න!

පැළ වර්ග පලදාව ලැබීමට ගතවන කාලය (දින ගණන)
බණ්ඩක්කා 45
රාබු 45
මල් ගෝවා 45 – 50
නෝකෝල් 50 – 60
බෝංචි 60
තක්කාලි 75
මිරිස් 75
මාළුමිරිස් 75
දඹල 90
ගෝවා 90

ඉක්මනින් හැදෙන පලා වර්ග

එළවළු පමණක් නොවෙයි ඉක්මනින් හැදෙන පලා වර්ග ද ඔබගේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන්.

පැළ වර්ග පලදාව ලැබීමට ගතවන කාලය (දින ගණන)
නිවිති 45 – 60
ගොටුකොළ 45 – 60 
සලාද 50 – 60  
කංකුං 60 

පැළ නඩත්තු කිරීම

ඉක්මනින් පලදාව ලබා දෙනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ එම පැළ ඔබේ සත්කාර නොමැතිව හොඳින් වැඩෙන බව නොවෙයි!

රාබු, බෝංචි සහ නිවිති වැනි සමහර පැළ වර්ග අවම නඩත්තුවක් යටතේ වගා කළ හැකි නමුත් පැළවල ගුණාත්මක බව රඳා පවතින්නේ ඒවාට ලබාදෙන පොහොර, ජලය, හිරු එළිය සහ පලිබෝධ පාලනය මතයි.

ඔබ ඔබේ පැළවලට නිතිපතා වතුර දමන්න, ගෙදරදීම සාදාගත් කොම්පෝස්ට් පොහොර යොදන්න, සහ පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා කාබනික ක්‍රම භාවිතා කරන්න.

ඉතා සැලකිල්ලෙන් පැළ නඩත්තු කිරීම ඔබට සරුසාර පලදාවක් ලබාගැනීම සඳහා උපකාරී වේ.

පැළ රෝපණය කිරීමේ පිළිවෙළ 

පැළ රෝපණය කිරීමේ පිළිවෙළ යනු පළමු පැළ කට්ටලය පලදාව ලබා දුන් විගසම හෝ ඊට පෙර දෙවන පැළ කට්ටලය සිටුවීමයි.

උදාහරණයක් ලෙස මිරිස් පැළ දින 75 කින් පලදාව ලබා දෙයි, එම නිසා පළමු පැළ කට්ටලය සිටුවා දින 60 කට පසු දෙවන පැළ කට්ටලය සිටුවිය හැකිය. එවිට ඔබට මාරුවෙන් මාරුවට පලදාව ලබා ගත හැකිය.

ඉක්මනින් හැදෙන එලවළු සහ පලා වර්ග කිහිපයක් ඔබේ ගෙවත්තේ වගා කරන්න. සති කිහිපයකට පසු ඔබේ කාබනික ගෙවත්තේ පලදාවෙන් ඔබේ කෑම පිඟාන රසවත් කරගන්න ඔබටත් හැකි වේවි. 


ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි