Sorry, you need to enable JavaScript to visit this website.

ඔබේ සතුට ඔබ විසින්ම ළඟා කරගන්න

ජීවිතයේ එන හැලහැප්පීම් එක්ක සතුටින් ජීවිතය විඳින්න අපට පුළුවන් ද ?  ඇයි අපට බැරි... අපි ප්‍රශ්න නිසා අත්විඳින මානසික පීඩනය අඩු කරගන්න, සතුට ළඟා කරගන්න කළ හැකි පුංචි පුංචි දේවල් තියනවා. ඒවා තියෙන්නෙත් ඔබ ළඟමයි. එනිසා ඔබ එදිනෙදා ජීවිතය තුළ සතුට අත්විඳිය හැකි ක්‍රමවේදයන් සොයා ගත යුතු වෙනවා.

1. Music අහන්න....

සංගීතය දිව්‍යමය ඖෂධයක් බවට පුරාණ කියමනක් තිබෙනවා. උසස් ගණයේ සංගීත ඛණ්ඩ සහ සවනට මිහිරි, ඝෝෂාකාරී සහ වේග රිද්ම නොවන සංගීතයට නිතර සවන් දීම තුළින් ඔබේ මනස සන්සුන් වන බවත් මොළයේ රසායනික විපර්යාසයන් සිදු වන බවත් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. එමෙන්ම සංගීතයට සවන් දීම තුළින්  ඔබේ ශරීරයේ කෝටිසෝල් මට්ටම පහළ හෙළන බවත්, එමගින් මානසික පීඩනය අවම කරන බවත් පෙන්වා දෙනවා. වර්තමානයේ දී සංගීතය රෝග නිවාරණ චිකිත්සක ක්‍රමයක් ලෙස පවා භාවිත වන අතර එය වේදනාව නැසීමේ ඖෂධයක් ලෙසද දක්වන්න පුළුවන්. එබැවින් සෑමවිටම ලස්සන ගීත අහන්න. කැමති ගීත අහන්න අඩුමතරමින් යන එන අතරතුරේදිවත් විඳිය හැකි සංගීතයකට සවන් දෙන්න.

2. පුළුවන් හැමවෙලාවකම හිනාවෙලා ඉන්න...

“සිනහව හොඳම ඖෂධයක්” ඔබ මෙය කලිනුත් අසා ඇති. ඔබ නොදන්නවා වුනාට ඔබ පාන එක සිනහවකින් බොහෝ ප්‍රතිලාභ ඔබටත් අනෙක් අයටත් ලැබෙනු ඇති. පුලුවන් සෑම අවස්ථාවකම ප්‍රසන්න සිනහවකින් ඔබේ ආදරණීයන්ට සංග්‍රහ කරන්න. එය ඔබටද දීර්ඝායු වඩවයි. ගැලපෙන අය සමඟ විහිලුතහලු කර සතුටෙන් සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්න.අවශ්‍ය නම් හඬ නගා පවා සිනාසෙන්න මේ ඔබේ ජීවිතයයි.

3. යහපත් ක්‍රියාකාරකම් කරන්න....

අනෙක් අය වෙනුවෙන් යහපත් දේ කරන මිනිසුන් වඩා සතුටින් ජීවත් වන බව පර්යේෂකයන් විසින් පෙන්වා දෙන අතර එසේ කිරීමෙන් ඔබටද වටිනාකමක් සමාජයෙන් ලැබෙයි. හැකි හැම විටම අන්‍යයන්ට උපකාර කරන්න. එය වචනයෙන් හෝ විය හැකියි. නැතිනම් ක්‍රියාවෙන් හෝ විය හැකියි. අතේ මිල මුදල් යහමින් ඇති විට ඔබට වඩා අමාරු ජීවිත ගත කරන අයට පුලුවන් දෙයක් පරිත්‍යාග කරන්න. ඔවුන් එය ලබා විඳින සතුට ඔබේ මානසික සුවය වඩවන බව මතක තබා ගන්න.

4. Meditation වුණත් හොඳයි....

භාවනාව ඔබේ මනස සුවපත් කරන තවත් ඖෂධයකි. භාවනා කිරීමට වයස අදාල නොවෙයි. ඉන් ඔබේ මානසික පීඩනය දුරු වන අතර ශරීරයද සුවපත් වෙයි. මුලින් සරල භාවනා ක්‍රම දවසේ කෙටි වේලාවක් තුල අනුගමනය කරන්න. එය දින චර්‍යාවට එකතු කර ගන්න. පසුව අලුත් භාවනා ක්‍රමද සොයන්න . මනස සන්සුන් වීම තුල ඔබට ජයග්‍රහණ ගොඩක් ලැබෙනු ඇත. එය ඔබේ බාහිර රූපයෙන්ද පෙනෙන බව පර්යේක්ෂකයින් පෙන්වා දෙයි.

5. Happy life එක select කර ගන්න....

ඔබ උදෑසන අවදි වන විට මුළින්ම හිතන්නේ  කුමක් ද?  බොහෝ විට ඔබට අද දවස තුළ ඔබට විසදා ගැනීමට ඇති ප්‍රශ්න විය හැකී. එහෙත් ඔබ අවදිවන විටම සතුට දනවන සිතුවිලි සිත තුළ ඇති කර ගත්තේ නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය දවස තුළ වෙනස්විය හැකියි.එම නිසා ඇඳෙන් නැගිටීමට පෙර දවසේ සතුට ලඟා කර ගැනීම සදහා කළ හැකි කිපයක් ගැනත් සිතන්න. ඒ අතරට ප්‍රශ්න විසඳන ආකාරයත් වගකීම් ඉටුකරන ආකාරයත් එකතු කර ගන්න.එවිට දවස අභියෝගාත්මක වෙයි.

මේ අනුව ඔබේ සතුටේ අයිතිකරු ඔබම බව ඔබටම දැනෙනු ඇත. ඔබේ යටි සිත සතුට දනවන කාරණාවන්ගෙන් උත්තේජනය කරමින් සමාජයට, රටට සතුට බෙදන කෙනෙකු බවට අද සිට පත්වන්න. ගෙවෙන සෑම මොහොතකදීම ඔබද සතුටින් සිටින්න.

කර්තෘ –
හරින්දී ලියනගේ


ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි