Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් නූඩ්ල් සුප්

  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 1 පැකට් මැගී නූඩ්ල්ස් - ෆැමිලි පැක්
  • 100 g චිකන් බ්‍රෙස්ට් (කටු සමග)
  • 3 බික් සුදුළූණු
  • 1 medium ළූණු - කැට කපාගත්
  • 1 - 2 nos ඉඟුරු - ලොකුවට කපාගත්
  • 150 g කැරට් - කැට කපාගත්
  • 50 g සැල්දිරි - කැට කපාගත්
  • 10 g පාස්ලි - සිහින් ව කපාගත්
  • 1 nos ස්ටානීස්
  • 6 nos ගම්මිරිස් ඇට
  • 3 nos කරාබු නැටි
  • 1 nos බේ ලීව්ස්
  • 1 ඉති නැවුම් තයිම් කොළ
  • 1 nos මැගී සීසනින් කියුබ්
  • 1 litre වතුර
  • 1 මේස හැඳි සන්ෆ්ලවර් ඔයිල්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

භාජනයක් මද තාපයෙන් රත් කර තෙල් එකතු කරන්න. සුදුළූණු, ඉඟුරු, ළූණු, කැරට් සහ සැල්දිරි තෙම්පරාදු කරන්න.

2 පියවර

ළූණු විනිවිද පෙනුමක් ලැබෙනතුරු බදින්න.

3 පියවර

බේ ලීව්ස්, කරාබු නැටි, ස්ටා අනීස්, ගම්මිරිස් ඇට, නැවුම් තයිම් කොළ එකතු කරන්න, හොඳින් මිශ්‍ර කරන්න.

4 පියවර

සීසනින් කියුබ් එක එකතු කර සියලුම දේවල් හොඳින් මුසුවිම සඳහා කලවම් කරන්න.

5 පියවර

චිකන් බ්‍රෙස්ට් එකතු කරන්න, වතුර එකතු කර තැම්බෙන්නට හරින්න.

6 පියවර

මිනිත්තු 45 - 60 ක් (කැරට් මෘදු වනතුරු සහ චිකන් සම්පූර්ණයෙන් ම තැම්බෙන තෙක්) මද රස්නයෙන් තම්බන්න

7 පියවර

ස්ටොක් වතුර ප්‍රමාණය බොහෝ අඩු වී ඇත්නම්, වතුර කෝප්ප 1/2 ක් සුප් එකට එකතු කරන්න

8 පියවර

තාපයෙන් ඉවත් කරන්න. සුප් එකෙන් චිකන් ඉවත් කර මස් කැබලි තීරු ලෙස වෙන් කරන්න (කටු ඉවත් කරන්න)

9 පියවර

අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න

10 පියවර

නූඩ්ල්ස් තම්බන්න. අමතර ජලය ඉවත් කිරීම සඳහා නූඩ්ල්ස් පෙරා හොඳින් සෝදන්න

11 පියවර

චිකන් සමග සුප් සහ නූඩ්ල්ස් එකතු කර හොඳින් කලවම් කරන්න

12 පියවර

සිහින් ව කපාගත් පාස්ලි ඉසින්න

13 පියවර

ඉක්මනින් පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 435Kcal

කාබෝහයිඩ්‍රේට 49g

ප්‍රෝටීන් 14g

මේදය 18g

සංතෘප්ත මේදය 6g

සෝඩියම් 653mg

තන්තු 4g

කැල්සියම් 291mg

යකඩ 1mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි