Sorry, you need to enable JavaScript to visit this website.

චික්පී මසාලා

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • -කඩල පිසීම සඳහා-
  • කඩල (රැයක් පුරා පොගද්‍වාගත්) කෝප්ප 1 1/2
  • වතුර කෝප්ප භාගයයි
  • -මසාලා පේස්ට් සඳහා-
  • තෙල් 1 තේ හැදි
  • කොත්තමල්ලි මේස හැඳි 1
  • මහදුරු මේස හැඳි භාගයයි
  • ළුෑණු (තලාගත්) කෝප්ප භාගයයි
  • සුදු ළුෑණු බික් 4 (තලාගත්)
  • අඟල් භාගයක් පමණ දිග ඉඟුරු ( තලාගත්)
  • ගරම්සල පේස්ට් ඇඹරීමට කෝප්ප 2/3 කෝප්පයකට වතුර
  • -කඩල සඳහා-
  • ලූනු කෝප්ප භාගයක් (මුළු කෝප්ප 1/2)
  • තෙල් මේස හැඳි 2 -3
  • තක්කාලි ( කුඩාවට කපාගත්) කෝප්ප භාගයයි
  • මිරිස් කුඩු තේ හැඳි භාගයයි
  • කහ කුඩු තේ හැඳි 1/2
  • තුන පහ තේ හැඳි 1/2
  • වතුර කෝප්ප භාගයකට දිය කරගත් මැගී වෙජිටබල් සීසනින් කියුබ් 1
  • මැගී පොල් කිරි (වතුර මිලි ලීටර් 200 කට මේස හැඳි 3ක්)
  • ලුණු, ගම්මිරිස්

ingredients icon සාදාගන්නා ආකාරය

-කඩල පිසීම-

1 පියවර

කඩල වැසෙන සේ වතුර දමන්න

2 පියවර

තැම්බෙන තුරු පිසගෙන පසෙකින් තබන්න

-කඩල මසාලා සෑදීම-

1 පියවර

තෙල් තේ හැන්දක් පමණ දමා රත්කරගන්න. ඊට ළුෑණුවලින් කොටසක් එකතු කරන්න. එය විනිවිද පෙනෙන තත්වයට එනතුරු බැදගන්න.

2 පියවර

මහදුරු එක්කර මිශ්‍ර කරන්න. ඊට කොත්තමල්ලි එකතු කරන්න. සුදු ළුෑණු ඉඟුරු එක් කරන්න.

3 පියවර

මිනිත්තු 1 -2ක් බැදෙන්නට හැර නිවෙන්නට පසෙකින් තබන්න.

4 පියවර

නිවුණු තුනපහ බ්ලෙන්ඩරයට දමන්න. ඊට වතුරද එක් කරන්න. මෘදු පේස්ට් එකක් වනතුරු බ්ලෙන්ඩ් කර ගන්න.

5 පියවර

ඉතිරි තෙල් තරමක් ගැඹුරු පෑන් එකකට දමා ඉතිරි ළුෑණුද ඊට එක් කරන්න. ළුෑණු විවිවිද පෙනෙන තුරු බැදගන්න.

6 පියවර

ඊට තක්කාලි එක්කර විනාඩි 2-3ක් පිසගන්න. ඊට තුනපහ පේස්ට් එක එක් කරන්න. විනාඩි 2 -3ක් බැදගන්න

-කඩල සෑදීම-

1 පියවර

කහ,තුනපහ සහ මිරිස්කුඩු එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.

2 පියවර

තැම්බුණු කඩල ඊට එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

3 පියවර

මැගී ස්ටොක් දිය මිශ්‍රණය හා මැගී පොල් කිරි ඊට එක් කරන්න. හැඳි ගාන්න.

4 පියවර

රස පදමට ගම්මිරිස් හා ලුණු එක් කරන්න. මඳගින්නේ මෘදු වන තුරු තබන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (268g)

කැලරි 251 Kcal

ප්‍රෝටීන් 6 g

මේද 15 g

කාබෝහයිඩ්‍රේට් 27 g

ෆෝලික් ඇසිඩ් 129 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි