Sorry, you need to enable JavaScript to visit this website.

බේක්ඩ් පැටිස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • -පිටි ගුලිය සඳහා-
  • ආටා පිටි ග්‍රෑම් 150, පාන් පිටි ග්‍රෑම් 150
  • බේකිං පවුඩර් තේ හැඳි ¼
  • ලුණු තේ හැඳි 1
  • ලවණ රහිත බටර් (සිසිල් කළ හා ඝන වූ)
  • අයිස් වතුර මිලි ලීටර් 60
  • ලොකු බිත්තර කහ මදයක්
  • -පිරවීම සඳහා-
  • මැකරල් (කටු ඉවත් කළ) ග්‍රෑම් 240
  • එළවළු තෙල් තේ හැඳි 2
  • මධ්‍යම ප්‍රමාණයේ ළුෑණු ගෙඩි භාගයයි ( සිහින්ව කපාගත්)
  • විශාල ප්‍රමාණයේ සුදු ළුෑණු බික් 2ක් (සිහින්ව කපාගත්)
  • ඉඟුරු තේ හැඳි 1 (සිහින්ව කපාගත්)
  • කරි පවුඩර් තේ හැඳි භාගයයි
  • මිරිස් කුඩු තේ හැඳි භාගයයි
  • අමු මිරිස් කරල් 2 ( සිහින්ව කපාගත්)
  • පිසගත් අර්තාපල් ග්‍රෑම් 200
  • රස කිරීමට ලුණු හා ගම්මිරිස්
  • මැගී රස මුසු පැකට් භාගයයි, උකු මැගී පොල් කිරි මිලි ලීටර් 250 (එක් උණු වතුර කෝප්පයකට මේස හැඳි 2ක් )

ingredients icon සාදාගන්නා ආකාරය

-පිටි ගුලිය සඳහා-

1 පියවර

ආටා පිටි භාජනයකට එකතු කර ගන්න. ඊට පාන් පිටිද එක් කරන්න. ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. ඊට බටර් එක් කරන්න.

2 පියවර

බටර් පිටි මත හොඳින් තවරන්න. එම මිශ්‍රණයේ මැද කුඩා වලක් සකස් කර. ඊට බිත්තර කහ මදය එකතු කරන්න.

3 පියවර

වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය පදමට අනාගන්න.

4 පියවර

එය මෝලියක් මෙන් සකසාගෙන.

5 පියවර

බෝල 2කට වෙන් කර ගන්න.

6 පියවර

එම බෝල පොලිතින් ආවරණයකින් සම්පූර්ණයෙන් ආවරණය කරන්න.

7 පියවර

පැයක් පමණ ශීතකරණයේ තබන්න.

-පිරවීම සඳහා-

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න.

2 පියවර

ඊට ළුෑණු එකතු කරන්න, සුදු ළුෑණු, ඉඟුරු, අමු මිරිස්, එක් කර

3 පියවර

හොඳින් මිශ්‍ර කර ගන්න.

4 පියවර

ඊට මැගී රස මුසු එකතු කරන්න. කරි පවුඩර් මිරිස් කුඩු සියල්ල ළුෑණු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.

5 පියවර

ඊට මාළු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.

6 පියවර

උකු මැගී පොල් කිරි ඊට එක් කර මිශ්‍ර කර ගන්න.

7 පියවර

අර්තාපල් එකතු කර මිශ්‍ර කර ගන්න.

8 පියවර

පසුව එම මිශ්‍රණය මඳක් නිවෙන්නට හරින්න.

-එකලස් කිරීම-

1 පියවර

කලින් සකස් කර ගත් පිටි මෝලි ලෑල්ලක තබා තුනී කර ගන්න.

2 පියවර

පේස්ටි කටර් එකක් භාවිත කර ඉන් රවුම් කපා ගන්න.

3 පියවර

එම රවුම් මත බිත්තර සාරු ගල්වන්න.

4 පියවර

සකස් කරගත් මාළු මිශ්‍රණය අවශ්‍ය තරම් එම රවුම් මැදට තබා.

5 පියවර

දාරය හොඳින් වැසෙන පරිදි සකස් කර ගන්න.

6 පියවර

සකස් කර ගත් පැටිස් බේකින් ෂීට් එකක මත තබා.

7 පියවර

කලින් රත් කරගත් අවන් එකක දමා.

8 පියවර

අංශක 175 උෂ්ණත්වයට විනාඩි 25ක් 30ක් පමණ බේක් කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (209g)

කැලරි 552 kcal

ප්‍රෝටීන් 19g

මේද 13g

කාබෝහයිඩ්‍රේට් 54g

විටමින් A 177mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි