ආටා පිටි භාජනයකට එකතු කර ගන්න. ඊට පාන් පිටිද එක් කරන්න. ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න. ඊට බටර් එක් කරන්න.
බටර් පිටි මත හොඳින් තවරන්න. එම මිශ්‍රණයේ මැද කුඩා වලක් සකස් කර. ඊට බිත්තර කහ මදය එකතු කරන්න.
වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය පදමට අනාගන්න.
එය මෝලියක් මෙන් සකසාගෙන.
බෝල 2කට වෙන් කර ගන්න.
එම බෝල පොලිතින් ආවරණයකින් සම්පූර්ණයෙන් ආවරණය කරන්න.
පැයක් පමණ ශීතකරණයේ තබන්න.
පෑන් එකකට තෙල් දමා රත් කර ගන්න.
ඊට ළුෑණු එකතු කරන්න, සුදු ළුෑණු, ඉඟුරු, අමු මිරිස්, එක් කර
හොඳින් මිශ්‍ර කර ගන්න.
ඊට මැගී රස මුසු එකතු කරන්න. කරි පවුඩර් මිරිස් කුඩු සියල්ල ළුෑණු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
ඊට මාළු එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
උකු මැගී පොල් කිරි ඊට එක් කර මිශ්‍ර කර ගන්න.
අර්තාපල් එකතු කර මිශ්‍ර කර ගන්න.
පසුව එම මිශ්‍රණය මඳක් නිවෙන්නට හරින්න.
කලින් සකස් කර ගත් පිටි මෝලි ලෑල්ලක තබා තුනී කර ගන්න.
පේස්ටි කටර් එකක් භාවිත කර ඉන් රවුම් කපා ගන්න.
එම රවුම් මත බිත්තර සාරු ගල්වන්න.
සකස් කරගත් මාළු මිශ්‍රණය අවශ්‍ය තරම් එම රවුම් මැදට තබා.
දාරය හොඳින් වැසෙන පරිදි සකස් කර ගන්න.
සකස් කර ගත් පැටිස් බේකින් ෂීට් එකක මත තබා.
කලින් රත් කරගත් අවන් එකක දමා.
අංශක 175 උෂ්ණත්වයට විනාඩි 25ක් 30ක් පමණ බේක් කර ගන්න
එක් අයෙක් සඳහා (209g)
කැලරි 552 kcal
ප්‍රෝටීන් 19g
මේද 13g
කාබෝහයිඩ්රේට් 54g
විටමින් A 177mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි