Sorry, you need to enable JavaScript to visit this website.

බටර්නට් ස්කෂ් රවියෝලි විත් පාස්ලි බටර්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මෝලිය සඳහා
  • සුදු පැස්ටා පිටි ග්‍රෑම් 250, බිත්තර කහ මද 3
  • සියලු දේ එකට මිශ්‍ර කර මෝලියක් සාදා පසෙකින් තබා ගන්න
  • පිරවුම සඳහා
  • ක්‍රීම් චීස් මේස හැඳි 3, බටර්නට් ස්කෂ් 1 (මෘදු වන තෙක් පිසගත්)
  • බටර් ග්‍රෑම් 75
  • කරපිංචා තේ හැඳි 1
  • සුදු ළුෑණු බික් 2 (හොඳින් තලාගත්)
  • රතු ළුෑණු 1 ( පෙති කපාගත්)
  • ලුණු
  • ගම්මිරිස්
  • Nestle a + Fresh milk මිලි ලීටර් 25

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

බටර්නට් ස්කෂ් හොඳින් පොඩි කර ගන්න

2 පියවර

බටර් රත්කර ඊට ළුෑණු, සුදු ළුෑණු එක් කර හොඳින් කවලම් කර ගන්න ඊට කරපිංචා එක් කර හොඳින් මිශ්‍ර කරන්න

3 පියවර

ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න

4 පියවර

දැන් ඊට පොඩි කරගත් බටර්නට් ස්කෂ්, ක්‍රීම් චීස්, Nestle a + Fresh milk එක් කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න.

5 පියවර

මුලින් සකස්කරගත් පිටි මෝලිය හොඳින් තුනී කර ගන්න හැන්දක් ගෙන ඊට පිරවුම එක් කරන්න

6 පියවර

එහි එක් පැත්තක භාගයකින් පිරවුම ආවරණය වන සේ සකස් කර ගන්න

7 පියවර

රවියෝලි කපා ගන්න

8 පියවර

බටර් රත් කර ඊට ගම්මිරිස්, ලුණු එක් කරන්න, පාස්ලි එක් කර හොඳින් මිශ්‍ර කරන්න

9 පියවර

වතුර පැසෙන්නට තබා ඊට රවියෝලි එක් කරන්න

10 පියවර

මිනිත්තු 3 -4ක් තැම්බෙන්නට හරින්න

11 පියවර

වතුරෙන් ඉවත් කොට පාස්ලි බටර් සමඟ මිශ්‍ර කරන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 189

කැලරි 499 kcal

ප්‍රෝටීන් 19g

මේද 17g

කාබෝහයිඩ්‍රේට් 58g

විටමින් A 233mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි