Sorry, you need to enable JavaScript to visit this website.

තායි ටොම් යම් සුප්

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 30
  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සෝදා පිරිසිදු කරගත් මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 500
  • ජලය ලීටර් 01
  • මධ්‍යම ප්‍රමාණයේ කැබලිවලට කපාගත් මෂ්රූම් ග්‍රෑම් 100
  • මැගී ජම්බො චිකන් කියුබ් 01
  • අඟල් 01 ප්‍රමාණයේ කැබලිවලට කපාගත් සේර කැබලි 02
  • දිග තීරුවලට කපාගත් අමු මිරිස් කරල් 6
  • දෙහි කොළ 4
  • සෝයා සෝස් මේස හැඳි 01

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මැගී ජම්බො චිකන් කියුබ් ½ ක් ඉස්සන් සමග සීසන් කරගන්න. ජලය එක්කරමින් ඉස්සන් තම්බා ගනිමින් ඉතිරි මැගී ජම්බො චිකන් කියුබ් ½ ඊට එක්කරන්න.

2 පියවර

එළවළු හා සේර එක්කරන්න. සුප් එක තැම්බෙන්නට හරින්න. සෝස් සියල්ල එක්කරමින් හොඳින් මිශ්‍ර කරගෙන රස අනුව ලුණු හා දෙහි එක්කරගන්න.

3 පියවර

ළූණු කොළ, කොත්තමල්ලි කොළ හා මැගී පිටි කළ පොල්කිරිවලින් ඝනට සාදාගත් කිරි එක්කර ගන්න. මිනිත්තු කිහිපයක් පිසගනිමින් තැම්බෙන්නට හරින්න.

4 පියවර

මිරිස් තෙල් එක්කර ගින්දර නිවා උණුසුම්ව පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

ඉස්සන් යොදාගනිමින් සාදාගනු ලබන තායි ටොම් යම් සුප් එක ඉතාමත් රසවත්ය.

මතක තබාගන්න:-

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන ඉස්සන් හදවත් රෝග අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය මේද ආදියෙන් පරිපූර්ණ වේ.

ශක්තිය (Kcal) 168.46

පිෂ්ඨය (g) 4.67

ප්‍රෝටීන් (g) 25.16

මේදය (g) 5.46

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි