Sorry, you need to enable JavaScript to visit this website.

ස්ටෆඩ් කැප්සිකම්ස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු මාලු මිරිස් කරල් 5
  • පාන් පිටි ග්‍රෑම් 100, පාන් කුඩු ග්‍රෑම් 100
  • ලොකු අල ගෙඩි 4 ( කෑලි කපා මොලොක් වන තුරු පිසගත්)
  • බිත්තර 2
  • කුඩා ප්‍රමාණයේ ළුෑණු ගෙඩි 1
  • සූදුරු තේ හැඳි භාගයයි
  • අමු මිරිස් 1 (සිහින්ව කපාගත්)
  • දෙහි ඇඹුල් තේ හැඳි භාගයයි
  • මිරිස් කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි භාගයයි, කරි පවුඩර් තේ හැඳි භාගයයි
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 50 ( උණු වතුර කෝප්ප භාගයකට මේස හැඳි 1)
  • ලුණු, ගම්මිරිස්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

මාලු මිරිස් කරල්හි ඔ හැඩයේ කැපුමක් යොදන්න. ඇතුළත ඇති ඇට ඉවත් කර ගන්න.

2 පියවර

නැවත නැවත එය සිදු කරමින් අනෙක් ඒවාගේද ඉවත් කර ගන්න.

3 පියවර

තෙල් රත් කර ගන්න. ඊට සූදුරු දමා බැද ගන්න. ඊට ළුෑණු අමු මිරිස් එක් කරන්න.

4 පියවර

ළුෑණු පාට වැටෙන තුරු තරමක් බැද ගන්න.

5 පියවර

ඊට කහ සහ මිරිස් කුඩු එක් කරන්න.

6 පියවර

හොඳින් මිශ්‍ර කරන්න. පිසගත් අල එකතු කරන්න.

7 පියවර

මිශ්‍රණය විනාඩි 2ක් පමණ මඳක් බැදගන්න.

8 පියවර

ඊට කරි පවුඩර් දෙහි ඇඹුල් මැගී පොල් කිරි එක් කර හොඳි මිශ්‍ර කරමින් විනාඩි කිහිපයක් මඳගින්නේ පිසගන්න.

9 පියවර

මඳක් නිවුන පසු ගම්මිරිස් හා ලුණු එක් කරන්න.

10 පියවර

අල මිශ්‍රණය හොඳින් එකතු කර ගනිමින් ගින්නෙන් ඉවත් කරන්න.

11 පියවර

මාලු මිරිස් වල ඇතුළට එම මිශ්‍රණය පුරවන්න.

12 පියවර

ඒ අයුරින් සියල්ලම පුරවා ගන්න.

13 පියවර

එහි තරමක් තෙල් ආලේප කර ඒ මත පිටි තවරාගන්න.

14 පියවර

එහි බිත්තර හා පාන් කුඩුද හොඳින් තවරා ගන්න.

15 පියවර

මාලු මිරිස් සියල්ලම එසේ කර ගන්න.

16 පියවර

අංශය 200 උෂ්ණත්වයට රත් කරගත් අවන් එකක විනාඩි 20ක් පමණ බේක් කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (331g)

කැලරි 208 kcal

ප්‍රෝටීන් 9 g

මේද 5 g

කාබෝහයිඩ්‍රේට් 29 g

විටමින් C 42 mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි