Sorry, you need to enable JavaScript to visit this website.

කාඩියෝ (Cardio) ව්‍යායාමවල ප්‍රතිලාභ

ingredients iconව්‍යායාම උපදෙස්

ඔබගේ සියලු යෝග්‍යතා අවශ්‍යතා සපුරාලන විශ්වාසදායී චර්යාවක් සෙවීම තරමක් දුෂ්කර කාර්යයක් විය හැකිය. මෙම Nestle Family Club - Beginner Level Home Workout Sessions නිර්මාණය කර ඇත්තේ, සෑම වයස් කාණ්ඩයකම සහ යෝග්‍යතා මට්ටම්වල සිටින පුද්ගලයින් සඳහා ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට ආරක්ෂිත නමුත් ඵලදායී ව්‍යායාම සැලසුම් ලබා දීම සඳහාය.

ඔබට පෙර පැවති තත්වයන් තිබේ නම් හෝ වයස අවුරුදු 50 ට වැඩි නම්, චර්යාව ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

මෙම වීඩියෝවල, අපි නොනවත්වා අභ්‍යාස දිගටම කරගෙන යන්නෙමු. ඉතිරි අභ්‍යාස දිගටම කරගෙන යාමට පෙර කෙටි විවේකයක් සඳහා ඕනෑම වේලාවක විරාමයක් ගැනීමට ඔබට හැකියි.

ඔබට දීර්ඝ කාලයක් තිස්සේ හුස්ම හිරවීමක් දැනේ නම්, ව්‍යායාම නතර කර වෛද්‍ය ආධාර ඉල්ලා සිටින්න.

කාඩියෝ (Cardio) ව්‍යායාමවල ප්‍රතිලාභ

කාඩියෝ ව්‍යායාම, මූලික වශයෙන්ම ඉලක්ක කරන්නේ ශරීරයේ මේද ස්ථර බිඳ දැමීමට, කැලරි දහනය කිරීමට සහ අපගේ හෘද ස්පන්දන වේගය වැඩි කිරීමයි. සිරුරේ බර අඩු කිරීමට වඩාත් සුදුසු වන්නේද කාඩියෝ චර්යාවකි. නමුත් ඒ සමඟම ලැබෙන ප්‍රතිලාභ ගණනාවක් ද ඇත.

  • හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ඔබේ හදවත ශක්තිමත් කිරීම
  • රුධිර පීඩනය අඩු කිරීම සඳහා රුධිර සංසරණය වැඩි දියුණු කිරීම
  • ශක්තිය ගොඩනැගීම සඳහා පෙනහළු ධාරිතාව වැඩි දියුණු කිරීම
  • එදිනෙදා කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ශක්තිය වැඩි කිරීම
  • රෝග වලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම
  • මොළයේ ශක්තිය වැඩි දියුණු කිරීම සහ මානසික සෞඛ්‍යයට සහාය වීම

අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ

ඔබ ව්‍යායාම කිරීම සදහා සම්පූර්ණයෙන්ම නවකයකු නම්, එය ටිකක් අපහසු විය හැකිය. ඔබට ඵලදායී ව්‍යායාම මාලාවක් සම්පූර්ණ කළ හැකි බවට වගබලා ගැනීමට මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන්න.

  • අධික ආහාර වේලකට පසු ව්‍යායාම නොකරන්න. අධික ආහාර වේලකින් අවම වශයෙන් පැය 02 කට පසුව හෝ සැහැල්ලු කෑම වේලකට මිනිත්තු 30 කට පසුව ව්‍යායාමයේ යෙදීම වඩාත් සුදුසුයි.
  • අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා ව්‍යායාම කිරීමට පෙර වැඩිපුර ජලය පානය නොකරන්න. වතුර බෝතලයක් ළඟ තබාගෙන කෙටි විවේක කාලයේදී බොන්න.
  • ඔබ ව්‍යායාම ආරම්භ කිරීමට පෙර හොඳින් ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාසවල නිරත වන්න. ඇග උණුසුම් කිරීමේ අභ්‍යාස පුරුදු, ඔබේ මාංශපේශින් යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර ඵලදායී ව්‍යායාම මාලාවක් සඳහා අඩිතාලම දමයි.
  • ඔබ ව්‍යායාම කරන අතරතුර ගැඹුරින් හුස්ම ගන්න. ව්‍යායාම කරන අතරතුර දරාගැනීමේ හැකියාව පවත්වා ගැනීමට ඔබ හුස්ම ගන්නා ආකාරය හා පිට කරන ආකාරය ගැන අවධානය යොමු කරන්න.
  • ව්‍යායාම කරන අතරතුර දී අපගේ උපදේශකයින් ඔබට පෙන්වන ක්‍රමවේදයන් අනුගමනය කරන්න. ඕනෑම අනතුරක් වළක්වා ගැනීම සඳහා නිසි ආකාරය පවත්වා ගනිමින් ඔබේ හරය නිරතුරුවම ක්‍රියාකාරීව තබා ගන්න.
  • ඔබ ව්‍යායාම සම්පූර්ණ කිරීමට පෙර ඇග සිසිල් කිරීමේ අභ්‍යාසවල නිරතවීමට අමතක නොකරන්න. ව්‍යායාම කිරීමෙන් පසු නිසි ලෙස සිසිල් වීමේ අභ්‍යාස සිදු කිරීමෙන් තුවාල හා මාංශ පේශි වේදනාව අඩු වේ.
  • ව්‍යායාම කිරීමෙන් පසුව සජල්ව සිටීමෙන් හා සමබර ආහාර අනුභව කිරීමෙන් ඔබේ ශක්තිය හා දරාගැනීමේ හැකියාව ගොඩනඟා ගැනීමට හැකියි.

Intermediate level එකට යාමට පෙර සති 04 ක් මෙම beginner level workout routines නැවත කරන්න.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි