Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් ඇන්ඩ් නූඩ්ල්ස් ඔම්ලට්

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 10-15
  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මැගී චිකන් නූඩ්ල්ස් පැකට් 01
  • බිත්තර 8
  • කටු සහ සම ඉවත්කර සිහින් දිගු තීරු වශයෙන් කපාගත් කුකුල් මස් ග්‍රෑම් 100
  • සමාන ප්‍රමාණයට සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, බෙල් පෙපර් හා බ්ලැක් මෂ්රූම්ස් ග්‍රෑම් 50 බැගින්
  • සිහින්ව කපාගත් ඉඟුරු මේස හැඳි 01
  • සිහින්ව කපාගත් ළූණු මේස හැඳි 01
  • සිහින්ව කපාගත් ළූණු කොළ ග්‍රෑම් 100
  • පොල් තෙල් මේස හැඳි 3 - 4

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

සකස්කරගත් මැගී චිකන් නූඩ්ල්ස් පසෙකින් තබාගන්න. තාච්චියකට තෙල් දමාගෙන රත්කර ගන්න. ළූණු, සුදු ළූණු හා කුකුල් මස් තරමක් තරමක් තැම්බීගෙන එන විට එළවළු ඊට එක්කරමින් තවදුරටත් තම්බාගන්න.

2 පියවර

සකස්කරගත් මැගී නූඩ්ල්ස් එක්කරගනිමින් මැගී චිකන් කියුබ් කුඩු ඊට ඉසගන්න. මිශ්‍රණය හොඳින් තේම්පරදු කරගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් එක්කරගන්න. කපාගත් ළූණු කොළ එක්කරමින් තවදුරටත් තම්බාගන්න. ගින්දර නිවා දමා පසෙකින් තබන්න.

3 පියවර

එක් ඔම්ලට් එකකට බිත්තර 02 බැගින් යොදන්න. බිත්තරවලට ලුණු හා ගම්මිරිස් එක්කරගනිමින් බීට් කරගන්න. තෙල් රත්කරගන්න. බීට් කරගත් බිත්තර තාච්චියට දමන්න. මිනිත්තු කිහිපයක් තබන්න.

4 පියවර

ඔම්ලට් එක භාගෙට පිසෙන විට කලින් සකස්කරගත් නූඩ්ල්ස් මිශ්‍රණයෙන් ¼ක් ඔම්ලට් එකෙහි මැදට දමන්න. ඔම්ලට් එක අනික් පසට පෙරලාගන්න. ඔම්ලට් එක පදමට පැමිණෙන තුරු පිසගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

චිකන් ඇන්ඩ් නූඩ්ල්ස් ඔම්ලට් පෝෂණයෙන් ඉහළ විවිධ ආහාරයන්ගේ මුසුවකි.

මතක තබාගන්න:-

කුකුල් මස්, එළවළු හා තෙල් සීමිත ප්‍රමාණයක් එක්කර ගැනීම සමබර ආහාර වේලක් සඳහා ඉතා වැදගත් වේ.

ශක්තිය (Kcal) 298

පිෂ්ඨය (g) 16.28

ප්‍රෝටීන් (g) 14.84

මේදය (g) 19.33

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි