Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් ලසඤ්ඤා

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • -චිකන් කැබලි මිශ්‍රණය සඳහා-
  • කුකුලු මස් ග්‍රෑම් 300
  • සැල්දිරි ස්ටොක් ග්‍රෑම් 100 (පෙති කපාගත්)
  • කැරට් ග්‍රෑම් 100 ( කැට කපාගත්)
  • තක්කාලි ග්‍රෑම් 100 ( සිහින්ව කපාගත්)
  • ලීක්ස් ග්‍රෑම් 100 ( සිහින්ව කපාගත්)
  • අලුත් බාසිල්
  • හකුරු මේස හැඳි 1
  • ඉදුණු මිරිස් ( සිහින්ව කපාගත්)
  • බෙල් පෙපර් වර්ග ග්‍රෑම් 150 ( කැට කපාගත්)
  • සුදු ළුෑණු ග්‍රෑම් 30 ( සිහින්ව කපාගත්)
  • තෙල් මිලි ලීටර් 50
  • තක්කාලි පේස්ට් මේස හැඳි 2
  • අලුත් තයිම්
  • ළුෑණු ග්‍රෑම් 100( සිහින්ව කපාගත්)
  • මැගී චිකන් ස්ටොක් ලීටර් 1 ( වතුර මිලි ලීටර් 100 කට මැගී චිකන් ස්ටොක් 1)
  • -චීස් සෝස් සඳහා-
  • මොසරැල්ලා චීස් ග්‍රෑම් 400
  • වියලාගත් ලසඤ්ඥා ශීට් පැකට් 1
  • පාන් පිටි ග්‍රෑම් 100
  • පාමසාන් ග්‍රෑම් 50
  • බටර් ග්‍රෑම් 100
  • සාදික්කා තේ හැඳි භාගයයි
  • ලුණු, ගම්මිරිස්
  • නෙස්ලේ a + fresh milk ලීටර් 1.5

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකට තෙල් දමා රත් කරන්න. කුකුලු මස් එයට දමා තරමක් බැදගන්න. ඊට ළුෑණු සුදු ළුෑණු මිරිස තයිම් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

2 පියවර

ඊට බෙල් පෙපර් ලීක්ස් සැල්දිරි කැරට් එක්කර නැවත හොඳින් මිශ්‍ර කරන්න. දැන් තක්කාලි තක්කාලි පේස්ට් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

3 පියවර

හකුරු ඊට දමා සියල්ල සමග හොඳින් මිශ්‍ර කරන්න. මැගී චිකන් ස්ටොක් දමා හොඳින් මිශ්‍ර කරන්න. පාස්ලි දමා මිශ්‍රණය සරසාගන්න. හෙමින් හැඳි ගාන්න.

4 පියවර

සෝස් එක උකු වන තුරු පිසගෙන ලිපෙන් බා ගන්න. බටර් පෑන් එකකට දමා රත්කරගන්න. ඊට පිටි එකතු කර හොඳින් හැඳි ගාන්න. ඊට නෙස්ලේ a + fresh milk එකතු කර හොඳින් හැඳි ගාන්න.

5 පියවර

ලුණු ගම්මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. සාදික්කා ග්‍රේට් කරගෙන ඊට එක් කරන්න. පාමසන් තරමක් ඊට ඉසින්න.

6 පියවර

අතින් ගත හැකි ප්‍රමාණයේ මොසරැල්ලා චීස් ඊට එක් කර සියල්ල හොඳින් කවලම් කරගන්න. ලිපෙන බා ගන්න.

7 පියවර

චීස් සෝස් සහ චිකන් මිශ්‍රණය එකට එක් කර සැහැල්ලු භාජනයකට දමන්න.

8 පියවර

ලුණු වතුර භාජනයක් රත්කර එහි ලසඤ්ඤා සීට් යන්තම් තම්බන්න පැතලි පිඟානක් ගෙන එහි ලසඤ්ඥා දමා ගන්න.

9 පියවර

සෝස් ලේයරයක් එම බදුනෙහි පතුලට දමන්න. ඉන් පසු එය ලසඤ්ඤා ලේයරයකින් ආවරණය කරන්න.

10 පියවර

ඒ මත තවත් සෝස් ලේයරයක් දමන්න මොසරැල්ලා චීස් සහ පාමසන් චීස් ඒ මත ඉසින්න.

11 පියවර

ඒ මත නැවත ලසඤ්ඤා අතුරන්න. නැවත සෝස් ඒ මත දමන්න.

12 පියවර

අවසානයේ සියල්ල උඩින් මොසරැල්ලා චීස් සහ පාමසන් චීස් ඒ මත ඉසින්න.

13 පියවර

අංශක 180කට පමණ අවන් එකකට දමා රත් කරගන්න. චීස් මෘදු වන හා රන්වන් පැහැ වන තුරු බේක් කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි