Sorry, you need to enable JavaScript to visit this website.

පොලොස් බර්ගර්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 500g පොලොස්
  • 20g සුදුළූනු
  • 50g ළූනු
  • 2nos රතු මිරිස්
  • 2pkt මැගී රස මුසු
  • 1tsp කෑලි මිරිස්
  • 1/2tsp ගම්මිරිස්
  • 1tsp ලුණු
  • 25ml සුදු පොල් තෙල්
  • 2 - 3 tbsp තිරිඟු පිටි
  • 1tbsp පොල් විනාකිරි
  • 6 to 4 nos බර්ගර් බන්
  • 2tbsp බටර්
  • 20g සලාද කොළ
  • 2tbsp චිලි මෙයොනීස්
  • 25g චෙඩර් චීස්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පොලොස් ගෙඩිය පිරිසිදු කර 2" x 2" ප්‍රමාණයේ කෑලිවලට කපන්න; අවම වශයෙන් පැය 10 ක් පමණ එම කෑලි ලුණු වතුරේ පොඟවා තබන්න.

2 පියවර

මැගී රස මුසු පැකට් එකක් එකතුකර පොලොස් කෑලි ඉතා මෘදු වන තුරු විනාඩි 45ක් - පැය 1ක් පමණ පිසගන්න.

3 පියවර

පොලොස් කෑලි වතුරෙන් ඉවතට ගෙන සිහින්ව කපා ගන්න.

4 පියවර

සිහින්ව කපාගත් පොලොස්වලට සුදුළූනු, ළූනු, රතු මිරිස්, කහ, මැගී රස මුසු, කෑලි මිරිස්, ගම්මිරිස්, තිරිඟු පිටි, විනාකිරි සහ සුදු පොල් තෙල් 25ml එකතුකර හොඳින් මිශ්‍ර කරන්න; සීසනින් කළ මිශ්‍රණය පැය 2 ක් පමණ තබන්න.

5 පියවර

මිශ්‍රණය බෝල 4කට බෙදා සෑම බෝලයක් ම බර්ගර් පැටි එකක් ලෙස සකසා ගන්න.

6 පියවර

බර්ගර් පැටීස් සවි වන තෙක් අවම වශයෙන් පැය 6 ක් පමණ තබන්න. (ඔබට මේ පැටීස් මාසයක් පමණ ශීතකර තබාගත හැක)

7 පියවර

ඉතිරි තෙල් ටික නොන්ස්ටික් ෆ්‍රයින් පෑන් එකකට දමා මද ගින්නේ රත්කර බර්ගර් බන් ටික ක්‍රිස්පි ගතියට සහ ලා දුඹුරු පැහැයට හැරෙන තුරු බැද ගන්න.

8 පියවර

බනිස්වල සහ ටෝස්ට්වල බටර් ගාගන්න.

9 පියවර

බර්ගර්ස් සකස් කරන්න - බන්, බර්ගර් සෝස්, සලාද කොළ, මුදු හැඩයට කපාගත් ළූනු, පෙති කපන ලද පිකල්, පෝලොස් බර්ගර් පැටි

10 පියවර

එයාර් ෆ්‍රයි කළ අනියන් රින්ග්ස්, පොටැටෝ ෆ්‍රයිස් හෝ ස්වීට් පොටැටෝ ෆ්‍රයිස් සමග පිලිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි