Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් චිලි කොන් ක්‍රේන් විත් අ ටිවිස්ට්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් ග්‍රෑම් 50 (කෑලි කපාගත්)
  • කඩල ග්‍රෑම් 100 (රැයක් පුරා පොඟවා තම්බාගත් හෝ ටින් කළ)
  • කුකුල් මස් ග්‍රෑම් 500 (සිහින්ව කපා ගත්)
  • බිම් මල් ග්‍රෑම් 50
  • ළුෑණු ග්‍රෑම් 100 (සිහින්ව ලියාගත්)
  • පාස්ලි අත්තක්
  • සැල්දිරි ග්‍රෑම් 25 (සිහින්ව ලියාගත්)
  • ලුණු
  • ගම්මිරිස්
  • තක්කාලි ග්‍රෑම් 100 ( සිහින්ව කපාගත්)
  • තක්කාලි පේස්ට් තේ හැඳි 2
  • හකුරු
  • සුදු ළුෑණු ග්‍රෑම් 20 (හොඳින් ලියාගත්)
  • වතුර (විකල්ප)
  • තෙල් මිලි ලීටර් 50
  • Nestle a + ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 25
  • මැගී චිකන් ස්ටොක් ලීටර් 1 (වතුර මිලි ලීටර් 100කට මැගී චිකන් සීසනිං කියුබ් 1)
  • රතු මිරිස් 1 ( සිහින්ව කපාගත්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට චිකන් එක්කර දුඹුරු පැහැවනතුරු බැද ගන්න

2 පියවර

Nestle a + ෆ්‍රෙෂ් මිල්ක් සුදු ළුෑණු ළුෑණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ඊට කැරට් සැල්දිරි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

3 පියවර

ඊට තක්කාලි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න. බිම් මල් කඩල එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න.

4 පියවර

ඊට තක්කාලි පේස්ට් එක්කර හොඳින් කවලම් කර ගන්න. ලුණු ගම්මිරිස් එක්කර හොඳින් කවලම් කර ගන්න.

5 පියවර

මිශ්‍රණයට ඉහළින් හකුරු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉහළින් පාස්ලි ඉසින්න

6 පියවර

මැගී චිකන් ස්ටොක් එක්කර හොඳින් හැඳි ගාන්න. එය මෘදු වන තුරු පිසෙන්නට හැර ලිපෙන් බා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි