Sorry, you need to enable JavaScript to visit this website.

එළවලු සමඟ පොල් රොටී

  • ප්‍රමාණවත් : 2
  • එළවළු  සමඟ පොල් රොටී කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක්. අපි එදිනෙදා හදන සාමාන්‍ය පොල් රොටියට වඩා මෙය තරමක් වෙනස් වනවා.
  • සාමාන්‍ය පොල් රොටියට වඩා එළවළු  සමඟ පොල් රොටී පෝෂණ ගුණයෙන් සපිරි වන අතර එළවළු සහ ගාගත් පොල් එකතු කිරීම නිසා වැඩි රසයක්ද අනූන වේ.
  • මෙය උදේ ආහාරයට, දිවා ආහාරයට හෝ රාත්‍රී ආහාරය සඳහා ගත හැකියි. විශේෂයෙන්මෙය  උදේ ආහාරයක් ලෙස ජනප්‍රිය  අතර, බොහෝ ශ්‍රී ලාංකිකයන් පොල් රොටී උදෑසන ආහාරය සඳහා යොදා ගනී .
  • පොල් රොටී සාමාන්‍යයෙන් පොල් සම්බෝල, ලුණු මිරිස්, හෝ පරිප්පු  සමඟ ආහාරයට ගනු ලබනවා. එළවළු සමඟ පොල් රොටී යනු සාම්ප්‍රදායික පොල් රොටියේ නවීන වෙනස්කමකි, එය වඩාත් පෝෂණීය සහ රසවත් වේ.එළවළු  සමඟ පොල් රොටී විවිධ ආහාර සමඟ ගැලපේ. පොල් සම්බෝල, ලුණු මිරිස් හෝ පරිප්පු කරියක් සමඟ මෙන්ම මීට අමතරව මාළු කරි, මස් කරි, හෝ බිත්තර කරි සමඟ ද ගැලපේ.
  • එළවළු සමඟ පොල් රොටී අමතර දෙයක් නැතිව වුණත් රස විදින්න පුළුවන්. විවිධ එළවළු හා පොල් අඩංගු නිසා ඊටම ආවේණික රැසක් මේ ආහාරයේ අඩංගු වෙනවා.
  • පොල් රොටී ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාරයක් වන අතර එය සියවස් ගණනාවක් තිස්සේ පැවත එන ආහාරයක් පොල් රොටී මුලින්ම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනප්‍රිය වූ අතර පසුව දිවයින පුරා ව්‍යාප්ත විය.
  • සාම්ප්‍රදායිකව සකස් කරන පොල් රොටී සාදන්නේ ගාගත් පොල් සහ පිටි පමණක් භාවිතා කරමින් වුවත් කාලයත් සමඟ විවිධ වෙනස්කම් සිදුකරමින් මේ වට්ටෝරුව සකස් කෙරුණා.
  • එළවළු එකතු කිරීම නිසා රොටියේ පෝෂණ ගුණය වැඩි වූ  අතර, රසය ද වැඩි දියුණු වුණා. අපි දැන් බලමු මේ රසවත් වට්ටෝරුව හදාගන්නේ කොහොමද කියලා,

 

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • තිරිඟු පිටි කෝප්ප භාගයයි
  • කැරට් ග්‍රෑම් 50
  • ගාගත් පොල් කෝප් භාගයයි
  • ආටා පිටි කෝප්ප භාගයයි
  • වතුර කෝප්ප කාලයි
  • මිරිස් කරල් 2
  • ලූණු ගෙඩි භාගයයි
  • බෝංචි කරල් 4යි
  • තෙල් තේ හැඳි භාගයයි
  • ලුණු තේ හැඳි භාගයයි
  • මැගී රස මුසු තේ හැඳි භාගයයි

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

භාජනයක් ගෙන ඊට තිරිඟු පිටි දමන්න. ආටා පිටි, ලුණු, මැගී රසමුසු, පොල්, කැරට්, ලූණු, බෝංචි, මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

2 පියවර

උණු වතුර ස්වල්පයක් ටිකෙන් ටික එකතු කරන්න. මිශ්‍රණය බෝලයක් ලෙස සකස් කර ගන්න. එය ඇඟිලි වල නොඇලෙන ලෙස සකස් කර ගැනීමට වග බලා ගන්න.

3 පියවර

එය බෝල 4කට වෙන් කර විනාඩි 10ක් 15ක් පමණ පසෙකින් තබන්න. තැටියක් ගෙන එහි තෙල් ගල්වන්න.

4 පියවර

එක එක බෝලය ගෙන එම තැටියෙහි අතුරන්න (වඩාගන්න). වඩාගත් රොටිය පැතලි පෑන් එකක හෝ තහඩු තැටියක මඳ ගින්නේ රත් කරගන්න.

5 පියවර

මිනිත්තු කිහිපයකින් රොටිය අනෙක් පැත්ත හරවා පිසගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

එළවළු සියුම්ව කැපීම වැදගත්. එවිට ඒවා රොටී මිශ්‍රණය සමඟ හොඳින් මිශ්‍ර වනවා. මිශ්‍රණය අනාගැනීමට පෙර එළවළු හොඳින් සෝදා පිරිසිදු කිරීම වැදගත්. රොටී පිසීමේදී මද ගින්නේ එය පිස ගැනීම වැදගත්. එවිට රොටී හොඳින් පිසෙන අතර පිළිස්සීමට ඉඩක් නැහැ. එළවළු සමඟ පොල් රොටී සඳහා විවිධ එළවළු වර්ග භාවිතා කළ හැකියි. කැරට්, බෝංචි, ලූණු සහ මිරිස් මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කරනු ලබනවා. මීට අමතරව, ගෝවා, බීට්රූට්, අල වැනි එළවළු ද භාවිතා කළ හැකිය. එළවළු තෝරා ගැනීමේදී, ඒවා නැවුම් විය යුතුයි. එවිට එළවළු සියුම්ව කපාගැනීම කළ හැකි අතර එවිට මිශ්‍රණය නිසි පරිදි සකස් කරගත හැක.

කැලරි (Kcal) 283

ප්‍රෝටීන් (g) 8

මේදය (g) 4

කාබෝහයිඩ්‍රේට් (g) 55

විටමින් A (mcg) 176

තන්තු 5g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි