Sorry, you need to enable JavaScript to visit this website.

එළවලු සමඟ පොල් රොටී

  • ප්‍රමාණවත් : 2

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • තිරිඟු පිටි කෝප්ප භාගයයි
  • කැරට් ග්‍රෑම් 50
  • ගාගත් පොල් කෝප් භාගයයි
  • ආටා පිටි කෝප්ප භාගයයි
  • වතුර කෝප්ප කාලයි
  • මිරිස් කරල් 2
  • ලූණු ගෙඩි භාගයයි
  • බෝංචි කරල් 4යි
  • තෙල් තේ හැඳි භාගයයි
  • ලුණු තේ හැඳි භාගයයි
  • මැගී රස මුසු තේ හැඳි භාගයයි

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

භාජනයක් ගෙන ඊට තිරිඟු පිටි දමන්න. ආටා පිටි, ලුණු, මැගී රසමුසු, පොල්, කැරට්, ලූණු, බෝංචි, මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න

2 පියවර

උණු වතුර ස්වල්පයක් ටිකෙන් ටික එකතු කරන්න. මිශ්‍රණය බෝලයක් ලෙස සකස් කර ගන්න. එය ඇඟිලි වල නොඇලෙන ලෙස සකස් කර ගැනීමට වග බලා ගන්න

3 පියවර

එය බෝල 4කට වෙන් කර විනාඩි 10ක් 15ක් පමණ පසෙකින් තබන්න. තැටියක් ගෙන එහි තෙල් ගල්වන්න

4 පියවර

එක එක බෝලය ගෙන එම තැටියෙහි අතුරන්න (වඩාගන්න). වඩාගත් රොටිය පැතලි පෑන් එකක හෝ තහඩු තැටියක මඳ ගින්නේ රත් කරගන්න.

5 පියවර

මිනිත්තු කිහිපයකින් රොටිය අනෙක් පැත්ත හරවා පිසගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 283

ප්‍රෝටීන් (g) 8

මේදය (g) 4

කාබෝහයිඩ්‍රේට් (g) 55

විටමින් A (mcg) 176

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි