Sorry, you need to enable JavaScript to visit this website.

නාන්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ආටා පිටි කෝප්ප 5
  • සුදු ළුෑණු බික් 1 ( සිහින්ව කපාගත්)
  • බටර් මේස හැඳි 1
  • ලුණු තේ හැඳි 1
  • මී කිරි/ යෝගට් කෝප්ප 1/4
  • උණු වතුර කෝප්ප 3/4
  • ඊස්ට් තේ හැඳි 1
  • ගී මේස හැඳි 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ආටා පිටිවලට ලුණු එකතු කර ගන්න ලුණු පිටිවලට හොඳින් මිශ්‍ර කර මිශ්‍රණය මැද වලක් නිර්මාණය කර ගන්න

2 පියවර

ඊස්ට්වලට උණු වතුර එක්කර ඊස්ට් පිපෙන්නට සළස්වන්න මුලින් පිටි මිශ්‍රණයේ සකස් කළ වල තුළට යෝගට් දමන්න හෙමින් මිශ්‍ර කරන්න

3 පියවර

උණු වතුරෙහි පිපුණු ඊස්ට් මිශ්‍රණයට වත් කරන්න නොඇලෙන පදමට එනතුරු පිටි මෝලිය සකස් කර ගන්න

4 පියවර

පිටි මෝලිය ආවරණය කර පැයක් පමණ තබන්න පසුව එය කුඩා කොටස් 4ක පිටි ගුලි ලෙස වෙන් කර ගන්න සුදුසු මතුපිටක පිටි ඉස එම පිටි ගුලි එකින් එක තුනී කර ගන්න හොට් පෑන් එකක දමා පිපෙන තුරු රත් කර ගන්න

5 පියවර

එක් පැත්තක් හොඳින් සකස් වුණු පසු අනෙක් පැත්ත හරවා දමන්න මඳ දුඹුරු පැහැයක් එන විට ඉවතට ගන්න පෑන් එකට දමා ගී රත් කර ගන්න

6 පියවර

ඊට සුදුළුෑණු එක් කරන්න මැගී රස මුසු ද එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න එම මිශ්‍රණය ගෙන නාන් මතුපිට තවරන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 149

කැලරි 440 Kcal

ප්‍රෝටීන් 12g

මේද 18g

කාබෝහයිඩ්‍රේට් 81g

සෙලනියම් 37 mg

ෆෝලික් ඇසිඩ් 165 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි