ඔලිව් තෙල් තාච්චියේ රත්කරගන්න. කුරුඳු කොළ, ළූණු , සුදු ළූණු මඳ රස්නෙන් තම්බාගන්න.
මැගී ජම්බෝ චිකන් කියුබ්, එළවළු, ග්‍රීන් පීස් සහ තක්කාලි යුෂ වතුර එක්කරමින් හොඳින් තම්බා ගන්න.
නූඩ්ල්ස් කේක් එක කුඩා කැබලිවලට කඩා ගෙන සුප් එකට දමාගෙන හොඳින් තැම්බෙන්නට හරින්න. රස අනුව ලුණු හා ගම්මිරිස් එක්කරගන්න.
ගින්දර නිවාගන්න. අලංකාරවත්ව උණුසුම්ව පිරිනමන්න.
මැගී නූඩ්ල්ස් සමග මින්නේස්ට්‍රෝනි සුප් එක නැවුම් එළවළු මිශ්‍ර කරමින් සාදාගත් සැහැල්ලු ආහාරයකි.
විටමින් සහ ඛණිජ ලවන ශරීරයට ලබාගැනීමට එළවළු හොඳම විසඳුමකි. ශරීරයේ බර අඩුකරගැනීමේ ආහාර වේල් සඳහා පෝෂණීය අගයෙන් ඉහළ කැලරි අඩු ආහාර නිර්දේශ කරයි.
ශක්තිය (Kcal) 218
පිෂ්ඨය (g) 22.82
ප්‍රෝටීන් (g) 5.13
මේදය (g) 11.8
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි