Sorry, you need to enable JavaScript to visit this website.

මයින්ස්ට්‍රෝන්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙපර් ග්‍රෑම් 200 ( කෑලි කපාගත්)
  • ළුෑණු ග්‍රෑම් 30 ( සිහින්ව කපාගත්)
  • වම්බටු ග්‍රෑම් 100 ( පෙති කපාගත්)
  • සුකිනි ග්‍රෑම් 100 (කෑලි කපාගත්)
  • කැරට් ග්‍රෑම් 100 (කෑලි කපාගත්)
  • බාසිල් ග්‍රෑම් 20
  • තෙල් මේස හැඳි 3
  • පැස්ටා ග්‍රෑම් 50
  • තක්කාලි ග්‍රෑම් 400 ( කෑලි කපාගත්)
  • සීනි තේ හැඳි 4
  • කෑලි මිරිස්
  • ලුණු, ගම්මිරිස්
  • සුදු ළුෑණු ග්‍රෑම් 20 ( සිහින්ව ලියාගත්)
  • තක්කාලි පේස්ට් මේස හැඳි 4
  • කරපිංචා
  • මැගී වෙජිටබල් ස්ටොක් මිලිලීටර් 1000 (වතුර මිලිලීටර් 100කට මාගී වෙජිටබල් සීසනිං කියුබ් 1ක්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට සුදු ළුෑණු ළුෑණු එක්කර මඳක් බැදගන්න

2 පියවර

පෙපර් බටු එක්කර සියල්ල තරමක් බැදගන්න

3 පියවර

ඊට තක්කාලි කරපිංචා එක්කර මිශ්‍ර කරගනිමින් බැදගන්න

4 පියවර

ඊට කැරට් සුකිනි එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න

5 පියවර

දැන් තක්කාලි පේස්ට් කෑලි මිරිස් සීනි එකතු කර හොඳින් කවලම් කර ගන්න

6 පියවර

ඊට පැස්ටා මැගී වෙජිටබල් ස්ටොක් එක් කර හොඳින් හැඳි ගාන්න. විනාඩි 30- 45ක් පමණ පිසෙන්නට හරින්න

7 පියවර

දැන් ලුණු ගම්මිරිස් එක්කර හොඳින් හැඳි ගාන්න. පැසෙන්නට තබන්න. හොඳින් හැඳි ගා උඩින් බාසිල් කොළ යොදන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි