Sorry, you need to enable JavaScript to visit this website.

උබජින් ඇන්ඩ් සුකිනි ග්‍රේටින්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • බෙල් පෙපර් ග්‍රෑම් 250 ( රතු, කොළ හා කහ පැහැති - තීරුවලට කපාගත්)
  • සුකිනි ග්‍රෑම් 200 ( කොළ සහ කහ - පෙති කපාගත්)
  • වම්බටු ග්‍රෑම් 250 ( පෙති කපාගත්)
  • සුදු ළුෑණු බික් 3 ( සිහින්ව ලියාගත්)
  • ඔලිව් තෙල් මේස හැඳි 3
  • ළුෑණු ග්‍රෑම් 100 ( සිහින්ව ලියාගත්)
  • ඵාමේසන් චීස් මේස හැඳි 3
  • මොසරැල්ලා චීස් ග්‍රෑම් 50
  • තක්කාලි ගෑම් 150 (තීරු කපාගත්)
  • පාස්ලි මේස හැඳි 2 (සිහින්ව ලියාගත්)
  • ගම්මිරිස්
  • ලුණු
  • මැගී වෙජිටබල් ස්ටොක් කියුබ් (පොඩි කරගත්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට ළුෑණු එක්කර යන්තම් බැදගන්න.

2 පියවර

ඉන් පසු ඊට බෙල් පෙපර් සුදු ළුෑණු මැගී වෙජිටබල් ස්ටොක් කියුබ් ගම්මිරිස් එක් කර කැරමල් වනතුරු මිශ්‍ර කරගන්න.

3 පියවර

එය ලිපෙන් ඉවත් කර ගන්න. තරමක් බැදගත් එළවළු තරමත් ගැඹුරු භාජනයක් ගෙන එහි අතුරන්න.

4 පියවර

ඒ මත පෙති කපාගත් එළවළු විදුලි පංකාවක් මෙන් භාජනය සම්පූර්ණයෙන් වැසෙන තුරු අතුරාගන්න.

5 පියවර

ඊට ඉහළින් පාමේසන් හා මොසරැල්ලා චීස් ඉසින්න.

6 පියවර

අංශක 180ක් පමණ උෂ්ණත්වයක් යටතේ විනාඩි 40ක් පමණ බේක් කර ගන්න.

7 පියවර

ඉන්පසු ඊට ඉහළින් සිහින්ව කපාත් පාස්ලි ඉස ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි