Sorry, you need to enable JavaScript to visit this website.

එග් ෆ්‍රයිඩ් රයිස්

  • ප්‍රමාණවත් : 4-5

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 650 g පිසගත් බාස්මතී බත් (පිසගෙන සිසිල් කරන ලද)
  • 6 බික් සුදුළූනු
  • 6 ලොකු බිත්තර
  • 2 කැට මැගී සීසනිං කියුබ්
  • 3 තේ හැඳි තල තෙල්
  • 2 මේස හැඳි සෝයා සෝස්
  • 10 කොළ ළූනු කොළ - කපා ගත්
  • 50 ml සන්ෆ්ලවර් ඔයිල් / කෝන් ඔයිල්
  • 1 තේ හැඳි ගම්මිරිස් (රස වැඩි කරගන්න අවශ්‍ය නම්)
  • ලුණු (‍රස අනුව)
  • 50 g කැරට්
  • 20 g බඩ ඉරිඟු
  • 20 g බෝංචි
  • 20 g බෙල් පෙපර්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

දවසකට පෙර බත් පිසගෙන ශීතකරණයේ තබන්න, නැතහොත් පිසගත් බත් විශාල තැටියක දමා සම්පූර්ණයෙන් ම සිසිල් කරන්න.

2 පියවර

වැඩි උණුසුමකින් Wok එක රත් කරන්න. තෙල් මේස හැඳි 1k එකතු කර බිත්තර ස්ක්‍රැම්බල් කරන්න. ලුණු ස්වල්පයක් එකතු කර කලවම් කර, පසුව භාවිතා කිරීමට පසෙකින් තබන්න.

3 පියවර

Wok එක පිස දමා නැවත වැඩි උණුසුමකින් රත් කරන්න. ඉතිරි තෙල් ටික එකතු කරන්න.

4 පියවර

සුදුළූනු, එළවළු, ලුණු සහ සෝයා සෝස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

5 පියවර

Maggi සීසනිං කියුබ් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

6 පියවර

ස්ක්‍රැම්බල් කළ බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව ගම්මිරිස් එකතු කරන්න.

7 පියවර

පිසගත් බත් සහ ළූනු කොළ එකතු කරන්න. වරක් කලවම් කර ලිපෙන් ඉවත් කරන්න.

8 පියවර

රස අනුව කුළුබඩු එකතු කරන්න. (රස අනුව අවශ්‍ය නම් පමණක් ලුණු එකතු කරන්න)

9 පියවර

තල තෙල් මදක් ඉස නැවත වරක් කලවම් කරන්න.

10 පියවර

චිලි පේස්ට් හෝ stir fried dish එකක් සමග උණුසුම් ව පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි