හාල් සෝදා හොඳින් පෙරා ගන්න.
Rice cooker එකක් භාවිතා කරන්නේ නම්, cooker එකට සියලුම ද්‍රව්‍ය එකතු කර පිසගන්න.
ලිප භාවිතා කරන්නේ නම්, දිය පොල් කිරි සමග සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා පියනකින් වසා මද ගින්නේ තබන්න.
කිරි ප්‍රමාණය බත් මට්ටමට අඩුවී තැනින් තැන සිදුරු පෙනෙන්නට ගත් පසු, උකු පොල් කිරි එකතු කරන්න, තාපය අඩු කර පියනෙන් බඳුන වසා තබන්න; මිනිත්තු 10 ක් පිසගන්න. (රස බලන්න)
චොප්ස්ටික් එකකින් හෝ ගෑරුප්පුවකින් බත කලවම් කරන්න - බත් එක උකු සහ ක්‍රීමි ගතියක් විය යුතු නමුත් බෙරි නොවිය යුතුයි.
උකු සහ ක්‍රීමි ගතියක් නැත්නම් පොල් කිරි කෝප්ප 1/4 එකතු කර තවත් විනාඩි 10ක් උණුසුම්ව වසා තබන්න.
උණුසුම් බඳුනෙන් ඉවත් කර පැතලි හැන්දක් හෝ කෙසෙල් කොළ භාවිතයෙන් පිඟානක් මත තුනී කරන්න.
නිවෙන්නට හැර, කොටු, දියමන්ති හෝ ඔබ කැමති ඕනෑම හැඩයකට කපන්න.
උණුසුම්ව පිළිගන්වන්න.
කැලරි 478Kcal
කාබෝහයිඩ්‍රේට 88g
ප්‍රෝටීන් 12g
මේදය 8g
සංතෘප්ත මේදය 4g
තන්තු 6g
සෝඩියම් 787mg
කැල්සියම් 17mg
යකඩ 1.5mg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි