Sorry, you need to enable JavaScript to visit this website.

කොහිල ක්‍රිස්ප්ස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 650g කොහිල
  • 1.5tbsp ගාලික් පවුඩර්
  • 1tsp මිරිස් කුඩු
  • 1pkt මැගී රස මුසු
  • ලුණු
  • 100g තිරිඟු පිටි
  • වතුර
  • 1 medium බිත්තර
  • 250g බිස්කට් කුඩු
  • 750ml තෙල්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කුළුබඩු මිශ්‍ර කරන්න - ගාලික් පවුඩර්, මිරිස්, ලුණු, මැගී රස මුසු

2 පියවර

තිරිඟු පිටි, බිත්තර, ලුණු සහ ජලය එකතුකර උකු බැටරයක් සාදන්න.

3 පියවර

කොහිල හොඳින් සෝදා ඕවල් හැඩයට තුනී පෙති ලෙස කපන්න. (3mmක් පමණ ඝනකමට)

4 පියවර

කොහිල පෙති වේලෙන්නට හැර කුළුබඩු මිශ්‍රණය ආලේප කරන්න.

5 පියවර

තෙල් එකතු කළ සාස්පාන මද ගින්නේ රත් කරන්න.

6 පියවර

කොහිල පෙතිවල බැටරය දැවටීම සඳහා එක බැගින් බැටරය තුළට ගිල්වන්න; ඉන්පසු එය පරිස්සමෙන් උණුසුම් තෙල් එකට දමන්න.

7 පියවර

තවත් ආකාරයක් - බැටරයේ ගිල්වා බිස්කට් කුඩු දවටා තෙල් එකට දමන්න.

8 පියවර

රන්වන් දුඹුරු පැහැයක් වෙනතුරු ගැඹුරු තෙලේ බැදගන්න; තෙල් හැන්දක් භාවිතයෙන් කොහිල පෙති තෙල් එකෙන් ඉවත් කරන්න.

9 පියවර

කොහිල පෙතිවල වැඩිපුර අඩංගූවී ඇති තෙල් ඉවත් කිරීම සඳහා කිචන් ටවල් එකක් භාවිතා කරන්න.

10 පියවර

ස්වීට් චිලී සෝස් හෝ ඔබ කැමති ඕනෑම සෝස් එකක් සමග පිලිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි