Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් ස්වීට් කෝන් සුප්

  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් (සම්පූර්ණ) 200 g
  • ගම්මිරිස් ඇට 3 - 4 nos
  • කොත්තමල්ලි මුල් 2 nos
  • බඩ ඉරිඟු 400 g
  • ලොකු බිත්තර 2
  • ළූනු කොළ 2
  • මැගී සීසනිං කියුබ් 1 nos
  • ඉරිඟු පිටි මේස හැඳි 2
  • විනාකිරි තේ හැඳි 2
  • ලුණු තේ හැඳි 1/2

ingredients icon සාදාගන්නා ආකාරය

පියවර 1

චිකන් බ්‍රෙස්ට් එක කොත්තමල්ලි මුල්, ගම්මිරිස්, මැගී සීසනිං කියුබ් එක සහ ලුණු සහිත ජලය ලීටර් 1.5 ක ගිල්වන්න - එය මද ගින්නේ තබන්න.

පියවර 2

කුකුල් මස් මිනිත්තු 30 - 40 ක් තැම්බෙනතුරු හෝ තීරු ලෙස වෙන්කර ගත හැකි තරම් මෘදු වනතුරු මද ගින්නේ තබන්න.

පියවර 3

ලිපෙන් ඉවත් කර හැන්දක් භාවිතයෙන් කුකුල් මස් ඉවත් කරන්න.

පියවර 4

ස්ටොක් වතුර ප්‍රවේසමින් පෙරන්න, කුළුබඩු අමුද්‍රව්‍ය ඉවතලන්න.

පියවර 5

කුකුල් මස්, ළූනු කොළ ගෙඩි, බඩ ඉරිඟු සහ සකස් කළ ස්ටොක් වතුර සාස්පානක මද ගින්දරේ තබා විනාකිරි එකතු කරන්න.

පියවර 6

කුඩා භාජනයක් ගෙන ජලය තේ හැඳි 1ක් සමග ඉරිඟු පිටි මිශ්‍ර කර එය සුප් එකට කලවම් කරන්න.

පියවර 7

වෙනම භාජනයක බිත්තර බීට් කර සුප් එකට කලවම් කරන්න.

පියවර 8

ළූනු කොළ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

පියවර 9

පිළිගැන්වීමට පෙර ළූනු කොළවලින් සරසන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 249Kcal

කෝබෝහයිඩ්‍රේට 25g

ප්‍රෝටීන් 21g

මේදය 7.6g

සංතෘප්ත මේදය 2.1g

සෝඩියම් 625mg

තන්තු 3.5g

කැල්සියම් 48mg

‍යකඩ 2.1mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි