Sorry, you need to enable JavaScript to visit this website.

මට්න් පොට් බිරියානි

  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • -බත්-
  • 400 g බාස්මතී හාල් (කෝප්ප 2)
  • 1.9 l වතුර
  • 2 nos බේ ලීව්ස්
  • 1/2 තේ හැඳි සූදුරු
  • 3 nos කරාබුනැටි
  • 4 inch කුරුඳු
  • 2 nos ස්ටාර් අනීස්
  • 2 nos සාදික්කා
  • 1 nos මැගී චිකන් රසැති සීසනිං කියුබ්
  • 1 තේ හැඳි ගරම් මසාලා
  • 1 තේ හැඳි බිරියානි මසාලා (කැමති නම්)
  • -Marination-
  • 1 kg මට්න්/ලෑම්බ් (මේදය ඉවත් කළ)
  • 2 මේස හැඳි ජින්ජර් ගාලික් පේස්ට්
  • 1 1/2 තේ හැඳි මිරිස් කුඩු
  • 1 තේ හැඳි කශ්මිරි චිලි පවුඩර්
  • 1/2 තේ හැඳි කහ කුඩු
  • 1/2 තේ හැඳි ගරම් මසාලා
  • 150 g මුදවපු කිරි (කෝප්ප 1/2)
  • 1 1/2 මේස හැඳි නැවුම් ලෙමන් යුෂ
  • 1 තේ හැඳි ලුණු (අවශ්‍ය නම්)
  • -Mutton/lamb curry-
  • 3 මේස හැඳි සන්ෆ්ලවර් ඔයිල්
  • 1 nos බේ ලීව්ස්
  • 1/2 තේ හැඳි සූදුරු
  • 4 Nos එනසාල්
  • 1 Nos ස්ටාර් අනීස්
  • 2 Inch කුරුඳු
  • 1 තේ හැඳි සාදික්කා
  • 50 - 75g මුදවපු කිරි
  • 5 - 6 මධ්‍යම ප්‍රමාණයේ ළූනු - කපා ගත්
  • 10 - 12 Nos අමු මිරිස් - කපා ගත්
  • 1 bunch කොත්තමල්ලි කොළ - සිහින්ව කපා ගත්
  • 1 bunch මින්චි කොළ - සිහින්ව කපා ගත්
  • 1 Nos මැගී චිකන් රසැති සීසනිං කියුබ්
  • ලුණු (රස අනුව)
  • ගිතෙල් (කැමති නම්)
  • 2 මේස හැඳි ‍රෝස් වෝටර්
  • 100 ml සැෆ්‍රන් කිරි
  • 4 මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි - කොටු කපා ගත්

ingredients icon සාදාගන්නා ආකාරය

පියවර 1

ලැම්බ් එක රැයක් මැරිනේට් කරන්න - මුදවපු කිරි 3/4, ජින්ජර් ගාලික් පේස්ට්, මිරිස් කුඩු, ගරම් මසාලා, කහ, ලෙමන් යුෂ; පිසීමට අවම වශයෙන් පැයකට පෙර ඉවතට ගන්න

පියවර 2

පිසීමට පෙර හාල් සෝදා වතුරේ පොඟවන්න

පියවර 3

ලොකු භාජනයක් ගෙන මද ගින්නේ තෙල් රත් කරන්න

පියවර 4

ළූනු සහ අමු මිරිස් එකතු කර ළූනු දුඹුරු පාට සහ කැරමල් වන තෙක් පිසින්න

පියවර 5

බේ ලීව්ස්, ස්ටාර් අනීස්, සාදික්කා, එනසාල්, සූදුරු, කුරුඳු, තක්කාලි, මැගී චිකන් රසැති සීසනිං කියුබ් එකතු කර හොඳින් කලවම් කරන්න

පියවර 6

මැරිනේට් කරගත් මට්න්, කොත්තමල්ලි සහ මින්චි කොළ ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

පියවර 7

මට්න් සමග මැරිනේට් සහ ළූනු මිශ්‍ර වීමට හොඳින් කලවම් කරන්න; අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න

පියවර 8

මස් සහ කටු වෙන් වනතුරු මිනිත්තු 20-30ක් ප්‍රෙශර් කුක් හෝ පැයක් මද ගින්නේ පිසගන්න

පියවර 9

මස් පිසුණු පසු, මුදවපු කිරි, තවත් කොත්තමල්ලි සහ මින්චි කොළ එකතු කරන්න; කලවම් කරන්න

පියවර 10

අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න

-බත්-

පියවර 1

මස් පිසින අතරතුර, බත් සකස් කරන්න

පියවර 2

ගැඹුරු භාජනයකට පොඟවා ගත් සහල් (වතුර ඉවත් කරගත් පසු), බේ ලීව්ස්, සූදුරු, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, එනසාල්, මැගී චිකන් රසැති සීසනිං කියුබ් 1 සහ ලුණු (රස අනුව) එකතු කරන්න

පියවර 3

බත් බාගෙට පිසින්න (බත් ඇට මැද අමු විය යුතුය)

පියවර 4

වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කර පසෙකින් තබන්න

------

පියවර 1

අවන් එකේ භාවිතා කළ හැකි බඳුනක් හෝ මැටි බඳුනක් භාවිතා කරන්න

පියවර 2

කරි එක සහ බත් ලේයර් වශයෙන් එකතු කරන්න

පියවර 3

මුලින්ම බත් ලේයරයක්, පසුව කරපිංචා, කොත්තමල්ලි, මින්චි, අමු මිරිස් සහ බැදපු ළූනු (සැර අඩුවෙන් අවශ්‍ය නම්, අමු මිරිස් එකතු නොකරන්න)

පියවර 4

බත් සහ මට්න් අවසන් වනතුරු එකම ආකාරයට ලේයර් ලෙස එකතු කරන්න; අවසාන ලේයරය බත් විය යුතුය

පියවර 5

ගිතෙල්, සැෆ්‍රන් කිරි සහ රෝස් වෝටර් මේස හැඳි 2ක් අවසාන බත් ලේයර් එකට වත් කරන්න

පියවර 6

අන්තිමට බැදපු ළූනු, කපා ගත් මින්චි, කොත්තමල්ලි, අමු මිරිස් ඉසගන්න

පියවර 7

ස්ටීම් එක රඳවා ගැනීම සඳහා බඳුනේ දාර සීල් කිරීමට ඇලුමිනියම් ෆොයිල් හෝ නාන්/රොටි ඩෝ එකකින් තදින් ආවරණය කරන්න

පියවර 8

මිනිත්තු 20ක් 180 °C ට ප්‍රී හීට් කළ අවන් එකේ බේක් කරන්න

පියවර 9

අවන් එකෙන් ඉවත් කර තවත් විනාඩි 15ක් ආවරණය සමගම තබන්න

පියවර 10

ෆොයිල් එක ඉවත් කර මස් සහ බත් මිශ්‍ර කිරීමට චොප්ස්ටික් හෝ ගෑරුප්පුවකින් බුරියානි එක කලවම් කරන්න

පියවර 11

පිපිඤ්ඤා රයිතා සමග උණුවෙන්ම පිළිගන්වන්න

පියවර 12

සුදුළූනු බික් 10 ක් සහ ඉඟුරු කැබලි 2ක් ලුණු සමග බ්ලෙන්ඩ් කර මෘදු පේස්ට් එකක් සාදා

පියවර 13

අමතර රසයක් ලබා ගැනීම සඳහා බුරියානි මසාලා මිශ්‍රණයක් ද එකතු කළ හැකිය

පියවර 14

ළූනු, මින්චි, කොත්තමල්ලි, පිපිඤ්ඤා අඩංගු සෝල්ටි අන්ස්වීටන්ඩ් යෝගට්/ මුදවපු කිරිවලින් සැකසූ සැලඩ් එකක්

පියවර 15

උණුසුම් කිරිවල සැෆ්‍රන් පොඟවා. ආදේශකයක් ලෙස උණුසුම් කිරිවල ස්වීට් පැප්‍රිකා ස්වල්පයක් සමග කහ ස්වල්පයක් මිශ්‍ර කරන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 465Kcal

කාබෝහයිඩ්‍රේට 47g

ප්‍රෝටීන් 38g

මේදය 14g

සංතෘප්ත මේදය 3g

සෝඩියම් 1422mg

තන්තු 7g

කැල්සියම් 169mg

‍යකඩ 6mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි