Sorry, you need to enable JavaScript to visit this website.

වෙජිටබල් ස්ප්‍රින් රෝල්

  • ප්‍රමාණවත් : 20-25

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 100 g ළූණු - කපාගත්
  • 50 g සුදුළූනු - සිහින් ව කපාගත්
  • 200 g කැරට් - සිහින් ව ලියාගත්
  • 150 g ලීක්ස් (කොළ සහ සුදු) - සිහින් ව ලියාගත්
  • 50 g ගෝවා - සිහින් ව ලියාගත්
  • 50 g දවසක් වතුරේ පොඟවා ගත් මුං ඇට
  • 50 g ළූනු කොළ- සිහින් ව කපාගත්
  • 1 Nos රතු මිරිස් (රස අනුව) - සිහින් ව කපාගත්
  • 1 පැකට් රස මුසු
  • 1 තේ හැඳි තල තෙල්
  • 1 මේස හැඳි සෝයා සෝස්
  • 20 Nos Spring roll wrapper
  • ලුණු (රස අනුව)
  • 1/2 තේ හැඳි සුදු ගම්මිරිස්
  • 1 තේ හැඳි කෝන් පිටි - වතුර තේ හැඳි 2ක් සමග මිශ්‍රකර
  • සන්ෆ්ලවර් ඔයිල් (බැදීමට)

ingredients icon සාදාගන්නා ආකාරය

Step 1

භාජනයක් ලිප තබා වැඩි තාපයෙන් තෙල් රත් කර සියලුම එළවළු (ළූනු කොළ සහ මුං ඇට හැර) මෘදු වනතුරු මදක් පිසින්න

Step 2

රස මුසු, සෝයා සෝස්, ලුණු හා ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරන්න

Step 3

මුං ඇට සහ සිහින් ව කපාගත් ළූනු කොළ එකතු කරන්න

Step 4

සෙසමි ඔයිල් එකතු කර, හොඳින් මිශ්‍ර කර පිසින්න

Step 5

ඔබ දෙසට එක් කෙළවරක් තිබෙන ආකාරයට spring roll wrapper එක දිග හරින්න කෙළවරේ සිට මැදට මිශ්‍රණය තේ හැන්දකින් තබන්න

Step 6

මිශ්‍රණය මතින් පේස්ට්‍රි එක අඩක් පමණ වනතුරු තදින් රෝල් කරන්න - ඉන්පසු දෙපැත්තෙන් නවා අවසානය දක්වා රෝල් කරන්න

Step 7

අවසාන කොටස කෝන් පිටි මිශ්‍ර වතුරෙන් සීල් කරන්න

Step 8

රන්වන් දුඹුරු පැහැ වනතුරු ගැඹුරු තෙලේ බදින්න

Step 9

Sweet chilli sauce සමග පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 147Kcal

කාබෝහයිඩ්‍රේට 14g

ප්‍රෝටීන් 1.5g

මේදය 9g

සංතෘප්ත මේදය 1g

සෝඩියම් 127mg

යකඩ 1mg

කැල්සියම් 17mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි