Sorry, you need to enable JavaScript to visit this website.

මසාලා ඩෝස

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්පූර්ණයෙන් පොතු ඉවත් කළ උඳු ග්‍රෑම් 125
  • වතුර
  • බත් ග්‍රෑම් 35
  • සුදු හාල් ග්‍රෑම් 330
  • මහදුරු තේ හැඳි 1/8
  • ලුණු තේ හැඳි 1/2
  • තම්බාගත් අල ග්‍රෑම් 300
  • තරමක් ලොකු ළුෑණු ගෙඩි 2 (පෙති කපා ගත්)
  • ගී මේස හැඳි 2
  • ඉඟුරු (හොඳින් තලාගත්) තේ හැඳි 1
  • අබ තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කරි පවුඩර් තේ හැඳි 1/2
  • ලුණු
  • කරපිංචා
  • අමු මිරිස් කරල් 2 ( සිහින්ව කපා ගත්)
  • මැගී රස මුසු තේ හැඳි 1/2
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 125 ( උණු වතුර කෝප්ප භාගයකට පිටි කළ පොල් කිරි මේස හැඳි 2)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

උඳු හා සහල් වතුරේ දමා පැය 4ක් 5ක් පෙඟෙන්නට හරින්න පසුව වතුර ඉවත් වන්නට හැර සහල් හොඳින් අඹරා ගන්න පසුව උඳුද ඇඹරුම් යන්ත්‍රයට එක් කොට ඊට වතුර කෝප්ප 1/2ක් දමා බැටර් එකක් වන තුරු හොඳින් අඹරා ගන්න

2 පියවර

හොඳින් ඇඹරුණු පසු එය භාජනයකට දමා ගන්න පසුව සහල් ඇඹරුම් යන්ත්‍රයට දමා ඊට බත්ද එක් කරන්න වතුර කෝප්පයක්ද ඊට එක් කරන්න එයද බැටර් එකක් වන තුරු හොඳින් අඹරා ගන්න

3 පියවර

අඹරාගත් සහල් හා උඳු බැටර් එකට එක් කරන්න පැය 8ක් 9ක් පැසෙන්නට තබන්න ගී පෑන් එකට දමා හොඳින් රත් කර ගන්න (දිය කර ගන්න) ඊට ළුෑණු එක් කර යන්තම් බැද ගන්න

4 පියවර

ඊට අබ කරපිංචා අමු මිරිස්ඉ ඟුරු එක් කර හොඳින් මිශ්‍ර කරන්න පසුව මිරිස් කුඩු මැගී රස මුසු කරි පවුඩර් එක් කර හොඳින් මිශ්‍ර කරන්න

5 පියවර

පසුව උකු මැගී පොල් කිරි ඊට එක් කරන්න මිශ්‍රණය උකු ගතියට එනතුරු මඳ ගින්නේ රත් කර ගන්න වරින් වර හැඳි ගාන්න ඊට තම්බා ගත් අල ලුණු එක් කරන්න හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න

6 පියවර

පැතලි පෑන් එකක් ගෙන රත් වෙන්නට තබන්න බැටර් ගෙන ඒ මත දමා රවුම් ලෙස පතුරාගන්නා ඩෝස දුඹුරු පැහැ හා ක්‍රිස්පි ගතියට එන තුරු පිස ගන්න

7 පියවර

සකස් කරගත් අල මසාලා ඩෝස මත තබන්න අල මසාලා රැඳී සිටින සේ ඩෝස නවා සකස් කර ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 569

කැලරි 378 Kcal

ප්‍රෝටීන් 15g

මේද 11g

කාබෝහයිඩ්‍රේට් 50g

විටමින් A 43 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි