උඳු හා සහල් වතුරේ දමා පැය 4ක් 5ක් පෙඟෙන්නට හරින්න පසුව වතුර ඉවත් වන්නට හැර සහල් හොඳින් අඹරා ගන්න පසුව උඳුද ඇඹරුම් යන්ත්‍රයට එක් කොට ඊට වතුර කෝප්ප 1/2ක් දමා බැටර් එකක් වන තුරු හොඳින් අඹරා ගන්න
හොඳින් ඇඹරුණු පසු එය භාජනයකට දමා ගන්න පසුව සහල් ඇඹරුම් යන්ත්‍රයට දමා ඊට බත්ද එක් කරන්න වතුර කෝප්පයක්ද ඊට එක් කරන්න එයද බැටර් එකක් වන තුරු හොඳින් අඹරා ගන්න
අඹරාගත් සහල් හා උඳු බැටර් එකට එක් කරන්න පැය 8ක් 9ක් පැසෙන්නට තබන්න ගී පෑන් එකට දමා හොඳින් රත් කර ගන්න (දිය කර ගන්න) ඊට ළුෑණු එක් කර යන්තම් බැද ගන්න
ඊට අබ කරපිංචා අමු මිරිස්ඉ ඟුරු එක් කර හොඳින් මිශ්‍ර කරන්න පසුව මිරිස් කුඩු මැගී රස මුසු කරි පවුඩර් එක් කර හොඳින් මිශ්‍ර කරන්න
පසුව උකු මැගී පොල් කිරි ඊට එක් කරන්න මිශ්‍රණය උකු ගතියට එනතුරු මඳ ගින්නේ රත් කර ගන්න වරින් වර හැඳි ගාන්න ඊට තම්බා ගත් අල ලුණු එක් කරන්න හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න
පැතලි පෑන් එකක් ගෙන රත් වෙන්නට තබන්න බැටර් ගෙන ඒ මත දමා රවුම් ලෙස පතුරාගන්නා ඩෝස දුඹුරු පැහැ හා ක්‍රිස්පි ගතියට එන තුරු පිස ගන්න
සකස් කරගත් අල මසාලා ඩෝස මත තබන්න අල මසාලා රැඳී සිටින සේ ඩෝස නවා සකස් කර ගන්න
එක් අයෙක් සඳහා ග්‍රෑම් 569
කැලරි 378 Kcal
ප්‍රෝටීන් 15g
මේද 11g
කාබෝහයිඩ්රේට් 50g
විටමින් A 43 mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි