Sorry, you need to enable JavaScript to visit this website.

මින්නේස්ට්‍රෝනි සුප්

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 20
  • ප්‍රමාණවත් : 4

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • සමාන ප්‍රමාණයට තීරු වශයෙන් කපාගත් ලීක්ස්, ළූණු, සැල්දිරි, කැරට්, රාබු, ගෝවා ග්‍රෑම් 50 බැගින්
  • කුඩා කැබලිවලට කපා ගත් අල, තක්කාලි, බෝංචි, හා ග්‍රීන් පීස් ග්‍රෑම් 50 බැගින්
  • මැගී චිකන් නූඩ්ල්ස් පැකට් 01
  • ඔලිව් තෙල් මේස හැඳි 4ක්
  • කුරුඳු කොළ 2-3
  • 1 tsp mixed herbs
  • තක්කාලි යුෂ කෝප්ප ½
  • සුදු ළූණු තේ හැඳි 01
  • ජලය ලීටර් 01

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ඔලිව් තෙල් තාච්චියේ රත්කරගන්න. කුරුඳු කොළ, ළූණු , සුදු ළූණු මඳ රස්නෙන් තම්බාගන්න.

2 පියවර

මැගී ජම්බෝ චිකන් කියුබ්, එළවළු, ග්‍රීන් පීස් සහ තක්කාලි යුෂ වතුර එක්කරමින් හොඳින් තම්බා ගන්න.

3 පියවර

නූඩ්ල්ස් කේක් එක කුඩා කැබලිවලට කඩා ගෙන සුප් එකට දමාගෙන හොඳින් තැම්බෙන්නට හරින්න. රස අනුව ලුණු හා ගම්මිරිස් එක්කරගන්න.

4 පියවර

ගින්දර නිවාගන්න. අලංකාරවත්ව උණුසුම්ව පිරිනමන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

මැගී නූඩ්ල්ස් සමග මින්නේස්ට්‍රෝනි සුප් එක නැවුම් එළවළු මිශ්‍ර කරමින් සාදාගත් සැහැල්ලු ආහාරයකි.

මතක තබාගන්න:-

විටමින් සහ ඛණිජ ලවන ශරීරයට ලබාගැනීමට එළවළු හොඳම විසඳුමකි. ශරීරයේ බර අඩුකරගැනීමේ ආහාර වේල් සඳහා පෝෂණීය අගයෙන් ඉහළ කැලරි අඩු ආහාර නිර්දේශ කරයි.

ශක්තිය (Kcal) 218

පිෂ්ඨය (g) 22.82

ප්‍රෝටීන් (g) 5.13

මේදය (g) 11.8

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි