Sorry, you need to enable JavaScript to visit this website.

ජීවිතය රස විඳින්න

සෑම ජීවිතයක්ම මිහිරි සහ අමිහිරි මතකවල එකතුවකි.නමුත් ජීවිතයේ සතුට එක් හුදකලා අවස්ථාවකට පමණක් තීරණය කිරීමට ලබා දෙන්නේ ඇයි?ඔබේ ජීවිතයේ බලාපොරොත්තු කඩ වීමක් ඇති වූ විට ඉන් අනාගතයේ ඔබට යහපතක් වනු ඇති බව සිතන්න එසේ නොමැතිනම් එවැනි දෑ පිළිබඳව වැඩිදුරටත් නොසිතන අන්දමේ පෞරුෂයක් ඇතිකර ගන්න.පසුතැවිලි වීම සහ ශෝකයට පත් වීම නිසා ජීවිතයේ බොහෝ ජයග්‍රහණ අපට අහිමි වී යා හැකි ය.ධනාත්මක සහ සතුටින් පිරුණු මනසක් ඇති කර ගැනීම මගින් ඔබට ජීවිතයේ හමු වන විවිධ අපහසුතාව මග හරවාගෙන ඉලක්ක කරා යෑමට හැකි වනු ඇත.මෙවැනි ආකල්ප තුළින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.

දිනපතා ජීවිතයේ දී ඔබට ඇතිවන ආතතිය අවම කර ගැනීමට භාවිතා කළ හැකි උපක්‍රම කීපයක් මෙසේ අපි ඔබ සමඟ බෙදා ගනිමු.

  1. ආතතිය ඇතිවීමට හේතුව පැහැදිලිව වටහා ගන්න.එය යම් පුද්ගලයෙකු හෝ සිදුවීමක් වන්නට පුළුවන්.හැකි තාක් එම හේතුව ඔබේ ජීවිතයෙන් ඉවත් කර ගැනීමට හෝ එයින් දුරස් වීමට උත්සාහ කරන්න.අනවශ්‍ය ව්‍යාකූලතාවවලට ඔබේ සතුට සහ ධනාත්මක ආකල්ප විනාශ කිරීමට ඉඩ ලබා නොදෙන්න.එවැනි අවස්ථාවල දී දුර්වල වීමට නොව ශක්තියක් වීමට අධිෂ්ඨාන කරගන්න.දරුවන් සමග ක්‍රීඩා කිරීම, ඇවිදීමට යෑම, යහලුවන් සමග කෝපි පානය කිරීම ක්‍රියාකාරකම් වලින් එවැනි අවස්ථා සමනය කරන්න ගන්න.
  2. සුවපත් මනසක් ඇති වීමට සුවපත් සිරුරක් ද හේතුවකි.සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම තුළින් වඩාත් සතුටුදායක පරිසරයක් ඇති කර ගැනීමට ඔබට පුළුවනි.එ බැවින් නිසි ආහාර රටාවකට හුරු වී නිසි පරිදි විවේකයක්ද ලබාගන්න. පොතක් පතක් කියවීම, තේ කෝප්පයක් පානය කිරීම, සිත සුවපත් කරන සංගීතයකට සවන් දීම වැනි දෑ සිත කලබල වී ඇති මොහොතක එම තත්ත්වය මඟහරවා ගැනීමට ඔබට සිදු කළ හැකිය.යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම මගින් අපගේ ජීවිතය අවුල් කරන්න ඍණාත්මක දෑ අවම කරවා ගැනීමට හැකියාව ලැබේ.
  3. ඔබේ සිත ප්‍රබෝධයෙන් පුරවන ක්‍රියාකාරකමක දිනපතා නිරත වන්න.ඔබේ මනස සැහැල්ලු කරන සහ සතුටින් පුරවන්නේ කුමන ක්‍රියාකාරකමකින් ද යන්න ගැන වටහා ගන්න.ඔබේ ළබැඳියන් මුණ ගැසීම දරුවන් සමග ක්‍රීඩා කිරීම හා ආහාර පිසීම , ගෙවතු වගාව, එළිමහනේ සිදු කරන ක්‍රියාකාරකම් වැනි දෛනික ක්‍රියාකාරකමක් මගින් ආතතිය මග හරවා මග හරවා ගන්න
  4. ජීවිතයේ ඉලක්ක සකසා ගන්න.ආතතිය මගහරවා ගැනීමේ හොඳම ක්‍රමය වන්නේ එම ආතතිය පාලනය කර ගැනීමේ බලය ඔබ වෙතට ලබා ගැනීමයි.එය ඔබට කළ හැක්කේ ඔබ විසින් යම් ඉලක්කයක් සකසා ගත හොත් පමණි. ඒ සඳහා ඔබට දෛනික ඉලක්ක පොතක් තබා ගත හැකිය.මෙම ඉලක්ක දවසක් තුළ ළඟා කරගත හැකි ඉලක්ක විය යුතු අතර කෙමෙන් කෙමෙන් දීර්ඝකාලීන ඉලක්ක ද සටහන් කර ගනිමින් ඒවා ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුය.මේ ක්‍රමය හරහා ජීවිතයේ අනාගතය දෙස ධනාත්මකව බැලීමට මෙන්ම ජයග්‍රාහී මෙන්ම උද්යෝගීමත් පුද්ගලයෙකු බවටද ඔබ පත් වනු ඇත.
  5. ඕනෑවට වඩා ඔබගේ ගැටලු ගැන කල්පනා කිරීම නිසා ඒවා තිබෙන ප්‍රමාණයටත් වඩා බලවත් ප්‍රශ්න බවට පත් වීමේ හැකියාවක් ඇත .එම නිසා එවැනි සිදුවීම් වලට මුහුණ දී අවසන් කරන්න.ඔබට කළ හැකි සියල්ලම සියල්ලම ඔබ විසින් කළ බව වටහා ගැනීමෙන් ඔබට සතුටට පත් විය හැකිය .එමගින් ධනාත්මකව ඉදිරිය දෙස බැලීමට ඔබට හැකිවනු ඇත.

එකිනෙකා ව්‍යාකූලත්වයට පත් කරන ගැටලු එකිනෙකාගෙන් වෙනස්ය.එම ගැටලු සඳහා ඔබ වැඩි අවධානයක් ලබා දුනහොත් ඔබේ ජීවිතයෙන් සතුට පළවා හැරීමට එම ගැටලු ක්‍රියාකරන බව වටහා ගන්න.හැකිතාක් එවැනි ගැටලු ඇති කරන පුද්ගලයන්ගෙන් සහ සිදුවීම්වලින් දුරස් වන්න.සෑම අවස්ථාවකදීම දුකට පත් වීම නොව සතුටින් දිවි ගෙවීම ඔබගේ තේරීම කර ගන්න.සෑම ගැටලුවක්ම සදාකාලික නොවන බවත් නිසි පරිදි ක්‍රියා කළ හොත් ඒවායින් ඉක්මනින්ම බැහැර විය හැකි බවත් මතක තබා ගන්න.ඒ සඳහා ශක්තිය ඇත්තේ අන් කවරෙකු සතුව නොව ඔබගේ ය.ජීවිතය නිවැරදිව කළමනාකරණය කර ගන්න.


කර්තෘ : මයුරී ජයසිංහ

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි