Sorry, you need to enable JavaScript to visit this website.

ඉස්සන් සහ එළවළු චොප්සි

  • සාදාගැනීමට ගතවන කාලය : මිනිත්තු 20
  • ප්‍රමාණවත් : 4

ඉස්සන් හා එළවළු චොප්සි රසවත් චීන ආහාරයකි. මෙම ආහාරය එළවළු සහ ප්‍රෝටීන් බහුලව ඇති ඉස්සන් වලින් සමන්විත වෙන අතර එය ඉතාමත් පෝෂණීය හා රසවත් ආහාරයකි. මෙම ආහාරය බත් හෝ නූඩ්ලස් සමඟ ගැනීම වඩාත් රසවත් වනවා. මෙම වට්ටෝරුව මුලින්ම චීනයේ බිහිවූවක් වුණත් එහි ප්‍රචාරය සිදු කරනු ලැබුවේ ඇමරිකානු සංක්‍රමණිකයන් බව කියවේ. චොප්සි යන වචනයේ අර්ථය "විවිධ කැබලි" යන්නයි. එළවළු කැබලි හෝ මස්, මාළු කැබලි එකතු කර මෙය හදනු ලබයි. මෙහිදී ඉස්සෝ කැබලි හා එළවළු කැබලි එකතු කර මෙම වට්ටෝරුව සකස් කරගනු ලබයි. මෙම ආහාරය ෆ්‍රයිඩ් රයිස් හෝ කහබත්, නූඩ්ල්ස් සමඟ ආහාරයට ගත හැකිය. ශ්‍රී ලංකාවේ විශේෂ උත්සව සඳහා මෙම වට්ටෝරුව සුලබව සාදනු ලබයි.

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 400
  • බිත්තර සුදු මද 01
  • පාන් පිටි මේස හැඳි 5
  • කපාගත් සුදු ළූණු මේස හැඳි 2
  • තීරුවලට කපාගත් කැරට් ග්‍රෑම් 100
  • මල්ගෝවා ග්‍රෑම් 100
  • චීන ගෝවා සහ බුක් චෝයි ග්‍රෑම් 125 බැගින්
  • බේබි කෝන් හා බට්න් මෂ්රූම් ග්‍රෑම් 25 බැගින්
  • මැගී චිකන් සීසනින් කියුබ් 1

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ඉස්සන් සෝදා පිරිසිදු කරගන්න. ලුණු හා ගම්මිරිස් සීසන් කරගන්න. බිත්තර සුදු මදයෙහි ඔබාගෙන පාන් පිටි තට්ටුවක් තවරා ගන්න. ගැඹුරු තෙලේ බැදගන්න.

2 පියවර

එළවළු එක්කර ගනිමින් මිනිත්තු 2-3ක් තම්බා ගන්න.

3 පියවර

තෙල් මේස හැඳි 2-3 රත්කරගන්න. සුදුලූණු ඊට එක්කරන්න. තැම්බූ එළවළු, ජලය කෝප්ප 01, මැගී ජම්බෝ චිකන් කියුබ් ඊට එක්කරන්න. හොඳින් රත්වෙන්නට හරින්න. රස අනුව සීනි හා ලුණු එක්කරගන්න.

4 පියවර

ජලය ස්වල්පයක පාන් පිටි දියකරගෙන තුනී වන තුරු රත්කරගන්න. තෙම්පරාදු කරගත් ඉස්සන් සහිත ඉහත මිශ්‍රනය එකතු කරගන්න. හොඳින් තැම්බෙන්නට හැර ගින්දර නිවාදමන්න. උණුසුම්ව පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

ඉස්සන් හා එළවළු චොප්සි යනු ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවන හා තන්තු බහුල ආහාරයකි.

මතක තබාගන්න:-

එළවළු වර්ග 5ක් හා පළතුරු දිනපතා ආහාරයට එක්කර ගැනීම ඉතාම වැදගත්ය. ග්‍රෑම් 80 ප්‍රමාණයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

ශක්තිය (Kcal) 178.6

පිෂ්ඨය (g) 17.06

ප්‍රෝටීන් (g) 22.93

මේදය (g) 2.16

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි