Sorry, you need to enable JavaScript to visit this website.

කොළ කැඳ

  • ප්‍රමාණවත් : 4
  • කොළ කැඳ යනු ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් පැවත එන ආහාරයකි. මෙය පෝෂණයෙන් අනූන සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස සැලකෙනවා. එය විශේෂයෙන් ළදරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා නිර්දේශ කරන්නේ එය පහසුවෙන් ජීර්ණය වන අතර පෝෂක පදාර්ථ වලින් පිරී ඇති නිසාවෙනි.
  • ගොටුකොළ, කරපිංචා වැනි කොළ වර්ග සහල් සහ පොල් කිරි එක් කර සාදන මෙම ආහාරය ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, සහ ඇන්ටිඔක්සිඩන්ට සපයයි.
  • කොළ කැඳ සාමාන්‍යයෙන් උදෑසන ආහාරය ලෙස ගන්නා අතර ශරීරයට ශක්තිය ලබා දීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. ඔබේ දිනය ආරම්භ කිරීමට හොඳම ආහාරයක් වන මෙම රසවත් කොළ කැඳ සාදන ආකාරය බලමු.
  • කොළ කැඳ සාමාන්‍යයෙන් උදේ ආහාරය සඳහා ගනී. එය දිනය ආරම්භ කිරීමට හොඳම ආහාරයක් ලෙස සලකයි. කොළ කැඳ හකුරු කෑල්ලක් සමඟ බීමට ගැනීම සම්ප්‍රදායයි.
  • කොළ කැඳ සඳහා විවිධ කොළ වර්ග භාවිතා කරනු ලබයි. මෙහි දක්වා ඇත්තේ කරපිංචා හා ගොටුකොළ යොදාගෙන සකස් කර ගනු ලබන වට්ටෝරුවකි. ගොටුකොළ ශ්‍රී ලංකාවේ බහුලව වැවෙන කොළ වර්ගයක් වන අතර එය විටමින් A, C, සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වේ.
  • ගොටුකොළ මමතකය වැඩි දියුණු කිරීමට සහ ආතතිය අඩු කිරීමට උපකාරී වේ. කරපිංචා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන කුළුබඩු වර්ගයක් වන අතර එය විටමින් A, B, C, සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වේ.
  • කරපිංචා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.කොළ කැඳ සඳහා පොල් කිරි භාවිතා කරනු ලබයි. පොල් කිරි, කොළ කැඳ එකට උකු ගතියක් සහ රසයක් ලබා දෙයි. පොල් කිරි හොඳ මේද වලින් පොහොසත් වන අතර එය ශරීරයට ශක්තිය ලබා දීමට උපකාරී වේ. 
  • කොළ කැඳ සාදන විට පොල් කිරි එකතු කිරීමේදී එය අවසානයේදී එකතු කිරීම වැදගත්ය. පොල් කිරි දිගු කාලයක් රත් කිරීමෙන් කැටි ගැසීමට ඉඩ ඇත. පොල් කිරි එකතු කළ පසු කොළ කැඳ මද ගින්නේ පිසීම ප්‍රමාණවත්.
  • කොළ කැඳ රසවත් වගේම ගුණයෙන් සපිරුණු උදෑසන ආහාරයක් නිසා එය කෑමට එකතු කරගැනීමෙන් ඔබේ ජීවිතයට හොඳ ප්‍රතිලාභ රැසක් ලැබේ.
  • මේ වට්ටෝරුව සකස් කරගෙන ඔබේ ආහාරවේලටත් කොළ කැඳ එක් කරගන්න. 

 

 

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ගොටුකොළ මිටි 1
  • කරපිංචා මිටි 1
  • රතු / සුදු සහල් කෝප්ප 1/2
  • මැගී පිටි කළ පොල් කිරි (උකු ගතියට) 300 ml
  • සුදුළූණු බික් 2, රතු ළූණු ගෙඩි 5
  • කිතුල් හකුරු 50 g
  • ජලය 750 ml

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

සෝදාගත් සහල්, වතුර කෝප්ප 1/2ක තම්බා, පසෙකින් තබන්න.

2 පියවර

මැගී නියම පිටි කළ පොල් කිරි මේස හැඳි 4ක්, ජලය 300mlකට දිය කර උකු පොල් කිරි සාදාගෙන, පසෙකින් තබන්න.

3 පියවර

කොළ, සුදුලූණු , ලූණු සහ ජලය බ්ලෙන්ඩරයකට / food processor එකකට දමා බ්ලෙන්ඩ් කරන්න

4 පියවර

සිහින් දැල් සහිත පෙරනයකට මිශ්‍රණය වත් කර තන්තු වලින් යුෂ මිරිකන්න, තන්තු ඉවතලන්න.

5 පියවර

පෙරන ලද යුෂ, තැම්බූ සහල් සහ පොල් කිරි භාජනයකට වත් කර, මද ගින්නෙන් ලිපේ තබන්න.

6 පියවර

තැම්බෙනතුරු හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න (අවර්ණ වන බැවින් අධික ලෙස රත් නොකරන්න).

7 පියවර

හකුරු කෑල්ලක් සමග උණුසුම්ව පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

දැනගෙන සිටීම වැදගත්:-

කොළ කැඳ විවිධ ආකාරයෙන් සකස් කළ හැකිය. ගොටුකොළ සහ කරපිංචා වලට අමතරව හතවාරිය, වැල් පෙනෙල, පොල්පලා කොළ වැනි කොළ වර්ග එකතු කිරීමෙන් සාදයි. ඔබත් කැමති ආකාරයේ කොළ වර්ගයක් යොදාගෙන මෙය සකස් කරගත හැකියි. අවශ්‍යනම් කොළ වර්ග කිහිපයක් එක් කරගත හැකියි.

කැලරි 205Kcal

කාබෝහයිඩ්‍රේට 33g

ප්‍රෝටීන් 4g

මේදය 5g

සංතෘප්ත මේදය 4g

තන්තු 0.3g

සෝඩියම් 1252mg

යකඩ 2.1mg

කැල්සියම් 160mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි