ප්‍රධාන අමුද්‍රව්‍ය වල සෞඛ්‍ය ප්‍රතිලාභ
කුකුළු මස්
- කුකුළු මස් ප්‍රෝටීන් වලින් පොහොසත් ආහාරයක්. එය මාංශ පේශි ගොඩනැගීමට සහ පවත්වා ගැනීමට උපකාරී වෙනවා. කුකුළු මස් වල විටමින් B6, B12, නයිසින්, සෙලේනියම් සහ ෆොස්ෆරස් වැනි පෝෂක අඩංගුයි. මේවා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ ශරිරයට අවශ්‍ය ශක්තිය නිපදවීමට උපකාර කරනවා.
සුදු සහල්
- සුදු සහල් ශක්තිය ලබා දෙන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක්. එය ජීර්ණය කිරීමට පහසු වන අතර, ශරීරයට ඉක්මනින් ශක්තිය ලබා දෙනවා. සුදු සහල් වල විටමින් B1 (තයමින්), විටමින් B3 (නයිසින්), යකඩ සහ මැග්නීසියම් අඩංගුයි.
කොත්තමල්ලි කොළ
- කොත්තමල්ලි කොළ විටමින් A, C සහ K වලින් පොහොසත්. මේවා ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරනවා. කොත්තමල්ලි ආහාර ජීර්ණයට උපකාර කරන අතර, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උදව් වෙනවා. කොත්තමල්ලි කොළ නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු වෙනවා. අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ටද කොත්තමල්ලි කොළ ප්‍රයෝජනවත්. කොත්තමල්ලි කොළ පරිභෝජනය උපකාරී වන්නේ ශාරීරික සෞඛ්‍යය සඳහා විතරක් නෙවෙයි. මානසික සෞඛ්‍යය රැක ගන්නත් කොත්තමල්ලි කොළ උදව් වෙනවා. මතක ශක්තිය වැඩි කරන නිසා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින්නන්ටද කදිමයි. එය ශරීරයේ බැර ලෝහ ඉවත් කිරීමට උපකාර කරන බවත් විශ්වාස කෙරෙනවා.
ඉඟුරු
- ඉඟුරු ආහාර ජීර්ණයට උපකාර කරන අතර, ඔක්කාරය සහ සෙම් රෝග සඳහා සහනයක් ලබා දෙනවා. ඉඟුරු වල ඇති ජින්ජරෝල් නම් සංයෝගය ශරීරයේ වේදනාවන් සමනය කිරීමට උපකාර කරනවා. ඉඟුරු රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර, ශීත කාලගුණයෙදී ශරීරය උණුසුම්ව තබා ගැනීමට උපකාර කරනවා.
සුදු ලූනු
- සුදු ලූනු වල ඇති ඇලිසින් නම් සංයෝගය ප්‍රතිජීවක ගුණයෙන් යුක්තයි. එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග වලට එරෙහිව සටන් කරනවා. සුදු ලූනු රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර, හෘද රෝග අවදානම අඩු කරනවා. මෙම ආහාරය සාමාන්‍යයෙන් එක් භාජනයක පිසින ආහාර වේලක්. මෙය පිළියෙල කිරීමේ ප්‍රධාන වාසිය වන්නේ එය පිළියෙල කිරීමේ පහසුවයි. සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර අවන් එකේ පිසීම නිසා, සම්ප්‍රදායික ක්‍රමයට වඩා දැනෙන්නේ අඩු වෙහෙසක්. එය කාර්යබහුල දිනවලට ගැලපෙන රසවත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක්. මෙය ශ්‍රී ලාංකික සහ බටහිර සූපවේදයේ මිශ්‍රණයක් ලෙස සැලකිය හැකියි. අවන් එකක් භාවිතා කර පිසීමේ ක්‍රමය බටහිර රටවල් වල අභාෂයෙන් පැමිණ ඇති අතර, කුළුබඩු සහ පොල් කිරි භාවිතය ශ්‍රී ලාංකික රසගැන්වීම් ක්‍රමවේදයකි.
පෝෂණ තොරතුරු