Sorry, you need to enable JavaScript to visit this website.

පෝහා (හබල පෙති)

  • ප්‍රමාණවත් : 3

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • 1 1/2 කෝප්ප හබල පෙති
  • 1 ලොකු ගෙඩි ළූනු - කැට කපාගත්
  • 3 බික් සුදුළූනු - සිහින් ව කපාගත්
  • 2 කරල් අමු මිරිස් - පෙති කපාගත්
  • 50 g බෝංචි - කපාගත්
  • 1 කොළ කරපිංචා
  • 5 මේස හැඳි රටකජු
  • 1/2 තේ හැඳි අබ ඇට
  • 1/2 තේ හැඳි සූදුරු
  • 1 පැකට් රස මුසු
  • කහ (රස සහ පාට අනුව)
  • ලුණු (රස ගැන්වීමට)
  • නැවුම් ලෙමන් යුෂ (රස ගැන්වීමට)
  • 2 කොළ කොත්තමල්ලි කොළ - සිහින් ව කපාගත්
  • 1 මේස හැඳි පොල් තෙල්

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

ජලය උරා ගන්නා බැවින් හබල පෙති ඉක්මනින් සෝදා ගන්න

2 පියවර

ඒවා පෙරනයක් තුළට දමා මෘදු වනතුරු පසෙකින් තබන්න (ආසන්න වශයෙන් විනාඩි 15ක්)

3 පියවර

පෑන් එකක් ලිපේ තබා තෙල් රත් කර, රටකජු තරමක් අඳුරු පැහැ වනතුරු බදින්න

4 පියවර

තෙල් හැන්දකින් රටකජු ඉවත් කර පසෙකින් තබන්න

5 පියවර

අලුත් පෑන් එකක් ගෙන එයට පොල් තෙල් මේස හැඳි ½, ළූනු, සුදුළූනු , අමු මිරිස්, කරපිංචා, අබ සහ සූදුරු එකතු කරන්න

6 පියවර

ළූනුවලට විනිවිද පෙනුමක් ලැබෙනතුරු බදින්න

7 පියවර

කපාගත් බෝංචි එකතු කර හොඳින් කලවම් කරන්න

8 පියවර

ඔබට තද කහ පාටක් සහ හොඳින් කහ රසය අවශ්‍ය නම් රස මුසු පැකට්ටුව සහ කහ එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර වනතුරු කලවම් කරන්න

9 පියවර

හබල පෙති එකතු කරන්න, මිශ්‍ර කර පෑන් එක වහන්න. ලිපේ තාපය අඩු කරන්න

10 පියවර

හබල පෙති රත් වූ පසු කලවම් කරන්න. එය ඉතා වියළි ගතියකින් යුතු නම්, වතුර ටිකක් ඉස වාෂ්ප වනතුරු වසා තබන්න

11 පියවර

ලිපෙන් බාගන්න - හබල පෙති මෘදු හා උණුසුම් ගතියකින් තිබිය යුතුය

12 පියවර

අවශ්‍ය නම් රස අනුව කුළුබඩු එකතු කරන්න

13 පියවර

කැමති නම් - ලෙමන් යුෂ එකතු කරන්න

14 පියවර

කොත්තමල්ලි කොළ සහ රටකජු වලින් සරසන්න

15 පියවර

උණුසුම් ව පිළිගන්වන්න

16 පියවර

කැමති නම් - නැවුම් පොල් සමග පිළිගැන්විය හැකිය

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි 538Kcal

කාබෝහයිඩ්‍රේට 91g

ප්‍රෝටීන් 13g

මේදය 14g

සංතෘප්ත මේදය 6g

සෝඩියම් 879mg

යකඩ 10mg

කැල්සියම් 65mg

තන්තු 4.5g

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි