අර්තාපල් පොතු ඉවත් කර කෑලි කපා ගන්න. ලුණු වතුර ස්වයල්පයක් ඉස තැම්බෙන්නට තබන්න, තැම්බුණු පසු ලිපෙන් බාගන්න. වතුර ඉවත් වන්නට හැර අර්තාපල් හොඳින් පොඩි කර ගන්න. පොඩි කරගත් අර්තාපල් රත් කරන්න
ඊට බටර්, කිරි, ක්‍රීම් එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඊට ගම්මිරිස්, ලුණු එක් කර මිශ්‍රණය ඝන වනතුරු හැඳි ගාන්න පසෙකින් තබන්න.
තෙල් රත් කර ගන්න ඊට බටර්, කුකුල් මස් එක් කර වරින් වර හැඳි ගාන්න. ඊට ළුෑණු, සුදු ළුෑණු එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. ඊට ලීක්ස්, කැරට්, සැල්දිරි, දවුල් කුරුඳු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට ගම්මිරිස්, ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට පිටි ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට මැගී චිකන් ස්ටොක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න
සාදික්කා ක්‍රීම් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට පාස්ලි එක්කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න. හැන්දකින් ගෙන කුකුල් මස් මිශ්‍රණය බේකින් ඩිෂ් එක මත තබන්න. පොඩිකරගත් අල මිශ්‍රණය ගෙන ඒ මත තවරන්න. අංශක 180ට රත්කරගත් අවන් එකක දමා විනාඩි 25 - 30ක් බේක් කර ගන්න පාස්ලි යොදා සරසා ගන්න.
එක් අයෙක් සඳහා ග්‍රෑම් 455
කැලරි 348 kcal
ප්‍රෝටීන් 16g
මේද 10g
කාබෝහයිඩ්රේට් 39g
විටමින් A 314mcg
විටමින් C 32mcg
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි