Sorry, you need to enable JavaScript to visit this website.

පොටැටෝ, ලීක් ඇන්ඩ් චීස් ග්‍රේටින්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • අල කිලෝ ග්‍රෑම් 1 (පොතු ඉවත් කර පෙති කපාගත්)
  • ලීක්ස් (සුදු කොටස) ග්‍රෑම් 250 (කෑලි කපාගත්)
  • ළුෑණු ග්‍රෑම් 100 (ලියාගත්)
  • තෙල් මිලි ලීටර් 50
  • සුදු ළුෑණු ග්‍රෑම් 20 ( සිහින්ව ලියාගත්)
  • බටර් ග්‍රෑම් 20
  • ලුණු, තයිම් ඉත්තක්, අබ, සාදික්කා තේ හැඳි 1, ගම්මිරිස්
  • මොසරැල්ලා චීස් ග්‍රෑම් 150
  • මැගී චිකන් ස්ටොක් මිලි ලීටර් 250 (වතුර මිලි ලීටර් 100කට මැගී චිකන් සටොක් සීසනිං කියුබ් 1)
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 100 ( උණු වතුර කෝප්ප 1කට මේස හැඳි 2ක්)
  • නෙස්ලේ a +ෆ්‍රෙෂ් මිල්ක් මිලි ලීටර් 250

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අල මුලින් තම්බා ගන්න. පෑන් එකකට තෙල් දමා රත් කරගන්න.

2 පියවර

ඊට ළුෑණු සුදු ළුෑණු ලීක්ස් සියල්ල තරමක් බැදගන්න.

3 පියවර

ඊට ලුණු ගම්මිරිස් අබ සාදික්කා එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

4 පියවර

ඊට අල දමා පරෙස්සමෙන් මිශ්‍ර කරගන්න.

5 පියවර

බටර් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න

6 පියවර

ඊට මැගී චිකන් ස්ටොක් උකු මැගී පොල් කිරි නෙස්ලේ a +ෆ්‍රෙෂ් මිල්ක් ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තරමක් පැසෙන්නට හැර ලිපෙන් බාගන්න

7 පියවර

මිශ්‍රණය අවන් ඩිෂ් එකකට දමා ගන්න. ඒ මත චීස් ඉසින්න. අංශක 180ක් දක්වා අවන් එක උණුසුම් කරගන්න

8 පියවර

මිශ්‍රණ ඩිෂ් එක අවන් එකේ දමා අංශක 180කට විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. බේක් කරගත් ඩිෂ් එක මත තයිම් කොළ දමා සරසා ගන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි