ලුණු, ගම්මිරිස්, මැගී ජම්බෝ චිකන් කියුබ් සහ බිත්තර සුදුමදය සමග චිකන් winglets සීසන් කරගන්න. කෝන් පිටි චිකන් මත හොඳින් තවරා රන්වන් පැහැවන තුරු සහ ක්‍රිස්පි පදමට එනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.
පැකට් හතරෙහි ඇති මැගී නූඩ්ල්ස් නටන වතුරට දමන්න. මිනිත්තු දෙකක් තැම්බෙන්නට තබා උණු වතුර පෙරා තබාගන්න.
තාච්චියක තෙල් රත්කර කපා ගත් එළවළු හැඳිගාමින් මිනිත්තු කිහිපයක් බැදගන්න.
බිත්තර සහ සෝයි සෝස් එකතුකර රත්කරගන්න
මැගී චිකන් නූඩ්ල්ස් සාදාගැනීමේදී ඊට චිකන් winglets එකතුකර ගැනීමෙන් එම ආහාර වේලෙහි ප්‍රෝටීන් අගය ඉහල යයි.
සම ඉවත් කිරීමෙන් අනවශ්‍ය මේදය ඉවත්වන නිසා සම ඉවත් කරන ලද කුකුල් මස් යනු ප්‍රෝටීන් අගයෙන් ඉහල ආහාරයකි.
ශක්තිය (Kcal) 619.22
පිෂ්ඨය (g) 57.62
ප්‍රෝටීන් (g) 24.69
මේදය (g) 32.22
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි