Sorry, you need to enable JavaScript to visit this website.

රාවා ඩෝස

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • රුලං පිටි ( රාවා) කෝප්ප භාගයයි
  • හාල් පිටි කෝප්ප භාගයයි
  • වෙනත් ඕනෑම පිටි කෝප්ප 1/4
  • අමු මිරිස් ( සිහින්ව කපා ගත්)
  • මධ්‍යම ප්‍රමාණයේ ළුෑණු 1 (සිහින්ව ලියාගත්)
  • අඟල් භාගයක් පමණ ඉඟුරු කැබැල්ලක් (තලාගත්)
  • කරපිංචා (සිහින්ව කපාගත්)
  • කොත්තමල්ලි කොළ මේස හැඳි 1-2
  • ගම්මිරිස්
  • සූදුරු මේස හැඳි භාගයයි
  • වතුර කෝප්ප 2 -2 1/2
  • ලුණු
  • ගී / බටර් මේස හැඳි 1-2
  • මැගී රස මුසු තේ හැඳි භාගයයි

ingredients icon සාදාගන්නා ආකාරය

-පිටි ගුලිය සෑදීම-

1 පියවර

භාජනයක් ගෙන ඊට රුලං පිටි එක් කරන්න.

2 පියවර

ඊට සහල් පිටි ඔබ ගත් වෙනත් පිටි අමු මිරිස් ළුෑණු ඉඟුරු කරපිංචා කොත්තමල්ලි කොළ සූදුරු එක් කරන්න.

3 පියවර

මැගී රස මුසු රස පදමට ගම්මිරිස් සහ ලුණු එක් කරන්න.

4 පියවර

ටිකෙන් ටික වතුර එක් කරමින් හොඳින් ගසා ගන්න.

5 පියවර

ඔබ සාදාගන්නා ද්‍රාවණය දියාරු හා එහා මෙහා කළ හැකි ආකාරයෙන් තිබිය යුතුයි.

6 පියවර

මිශ්‍රණය සහිත භාජනය ආවරණය කොට විනාඩි 20ක් පමණ ජලය බවත්ව පිටි නැවත සකස් වනතුරු තබන්න.

-රාවා ඩෝස සෑදීම-

1 පියවර

ඩෝස සෑදීමට පෙර මිශ්‍රණය නැවත මිශ්‍ර කරන්න.

2 පියවර

හොට් පෑන් එකට තෙල් දමන්න.

3 පියවර

ඩෝස ද්‍රාවණය හැන්දකින් ඒ මත වත් කරන්න.

4 පියවර

අවසානයේ සිට මැද දක්වා එය සිදු කරන්න.

5 පියවර

මද ගින්නේ පිසගන්න.

6 පියවර

ගී හෝ බටර් දෝස මතුපිට තවරන්න.

7 පියවර

රන්වන් පැහැ හා රැලි සහිතව සකස්වන තුරු පිසගන්න.

8 පියවර

ඔබට දෙපසම ඒ ආකාරයෙන් සකස් කර ගැනීමට අවශ්‍ය නම් අනෙක් පැත්ත හරවා පිසගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (229g)

කැලරි 297 kcal

ප්‍රෝටීන් 7 g

මේද 5 g

කාබෝහයිඩ්‍රේට් 55 g

විටමින් C 50 mg

සෙලනියම් 28 mcg

ෆෝලික් ඇසිඩ් 36 mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි