Sorry, you need to enable JavaScript to visit this website.

වට්ටක්කා සුප්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩා කැබලි කරගත් වට්ටක්කා ග්‍රෑම් 250
  • කැබලි කරගත් අල ග්‍රෑම් 40
  • කැබලි කරගත් කැරට් ග්‍රෑම් 40
  • මැගී එකතුව මි.ලි 100
  • මැගී පිටි කළ පොල් කිරි ග්‍රෑම් 40
  • සිහින්ව කපාගත් ලූණු ග්‍රෑම් 50
  • බටර් ග්‍රෑම් 50
  • කපාගත් සුදු ලූණු ග්‍රෑම්40
  • මැගී පිටි කළ පොල් කිරි ග්‍රෑම් 25
  • දෙහි කොළ/ කරපිංචා
  • සූදුරු ග්‍රෑම් 5
  • කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
  • පිටි ග්‍රෑම් 30

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

සාස්පාට බටර් එකතු කර දියවනතුරු රත් කරගන්න

2 පියවර

ඊට ලූණු, සුදු ලූණු, වට්ටක්කා,කැරට්,අල, කරපිංචා, දෙහි කොළ, සූදුරු එකතු කර විනාඩි 2-3ක් රත්කර ගන්න

3 පියවර

රත් වූ පසු පිටි, කොත්තමල්ලි කොළ එකතු කර විනාඩියක් පමණ පිසගන්න

4 පියවර

ඊට මැගී එකතුව සහ දිය කරගත් මැගී පිටි කළ පොල් කිරි එකතු කරන්න.

5 පියවර

හොඳින් මිශ්‍ර කරමින් පැසෙන තෙක් වසා රත් කරන්න

6 පියවර

මිශ්‍රණය සාස්පානෙන් ඉවත් කර බ්ලෙන්ඩර්යට දමා බ්ලෙන්ඩ් කර ගන්න

7 පියවර

බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය නැවත සාස්පානට දමා ලුණු එකතු කර හැඳි ගාමින් රත් කරන්න.

8 පියවර

බාගත් මිශ්‍රණය පිළිගන්වන භාජනයට දමන්න

9 පියවර

උකු පොල් ක්‍රීම් යොදා එය අලංකාර කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි