Sorry, you need to enable JavaScript to visit this website.

පෑන් සීරෙඩ් චිකන් විත් මෂ්රූම් ඇන්ඩ් ග්‍රීන් පෙපර්කෝන් සෝස්

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ බෝංචි ග්‍රෑම් 100 (පිරිසිදු කළ හා දාර ඉවත් කළ), බිම් මල් 5 -6 (කෑලි කපාගත්)
  • චිකන් බ්‍රෙස්ට් 1
  • සුදු ළුෑණු ග්‍රෑම් 15, ළුෑණු ග්‍රෑම් 50 (සිහින්ව ලියාගත්)
  • සුදු ළුෑණු ග්‍රෑම් 20 (සිහින්ව ලියාගත්)
  • ඉදුණු මිරිස් 1 (ලියාගත්)
  • තෙල් මිලි ලීටර් 25
  • බටර් ග්‍රෑම් 10
  • ගම්මිරිස් කරලක්, තයිම් අත්තක්
  • ලුණු, ගම්මිරිස් කුඩු
  • මැගී චිකන් ස්ටොක් 1
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 50 (උණු වතුර කෝප්ප 1කට තේ හැඳි 2)
  • කරපිංචා ඉත්තක්, මිරිස් කුඩු තේ හැඳි 1, කරි පවුඩර් තේ හැඳි 1
  • මැගී රසමුසු පැකට් 1
  • උකු මැගී පොල් කිරි මිලි ලීටර් 20 (උණු වතුර කෝප්ප 1කට මේස හැඳි 2ක්)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට චිකන් එක් කර දෙපසම රන්වන් දුඹුරු පැහැ වනතුරු පිසගන්න

2 පියවර

ඊට ගම්මිරිස් බටර් සුදු ළුෑණු තයිම් එක් කරන්න. චිකන් බටර් මිශ්‍රණය සමඟ හොඳින් තවරා ගන්න

3 පියවර

චිකන් ඉවතට ගන්න. එම පෑන් එකට ළුෑණු දමා බැදගන්න.

4 පියවර

ඊට බිම් මල් අමු ගම්මිරිස් මැගී චිකන් ස්ටොක් කියුබ් එක්කර හොඳින් මිශ්‍ර කරන්න

5 පියවර

උකු මැගී පොල් කිරි ඊට එක් කරන්න. හොඳින් කවලම් කරන්න. පැසෙන්නට හරින්න. ඒ මත චිකන් තබා විනාඩි දෙකක් පමණ පිසගන්න

6 පියවර

ලිපෙන් බා ගන්න. පෑන් එකට ඉතිරි තෙල් දමා රත් කර ගන්න. ඊට සුදු ළුෑණු එක්කරන්න. සුදු ළුෑණු බැදගන්න. ඊට බෝංචි එක් කරන්න.

7 පියවර

බෝංචි පිසෙන තුරු තබා ලුණු සීසන් කරන්න. බෝංචි භාජනයක දමා ඒ මත චිකන් තබන්න. බිම්මල් සෝස් සහ මිරිස් හා අමු ගම්මිරිස් සමඟ සරසා පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි