චොක්ලට් පුඩිංවලට එයටම ආවේණික රසයක් පවතිනවා. එත් ඒ රස තවත් වැඩි කරගන්න මේ වගේ දේවල් කරලා බලන්න ඔයාටත් පුළුවන්. මේ රසවත් පුඩිං එක ඔයාලට මෙහෙම සරසාගන්න පුළුවන්.
	- ස්ට්‍රෝබෙරි කැබලි එක් කරගන්න
 
	- අයිසිං ෂුගර් පුඩිම මතුපිටට ඉසින්න
 
	-  කැරමල් හෝ චොක්ලට් සෝස් එකතු කරගන්න
 
	-  අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වන්නත් පුළුවන් 
 
චොක්ලට් පුඩිං බොහෝ අවස්තාවලදී යොදා ගනු ලබන අතුරුපසක් ලෙස සැලකේ. බොහෝ රටවල, විශේෂයෙන් බටහිර රටවල චොක්ලට් පුඩිං උත්සව සහ විශේෂ අවස්ථාවල  සංග්‍රහ කිරීම සඳහා යොදාගනී.
ශ්‍රී ලංකාවේ, චොක්ලට් පුඩිං උපන්දින සාද, නත්තල් සහ අවුරුදු උත්සව වැනි විශේෂ අවස්ථාවන්හි ජනප්‍රිය අතුරුපසකි. එය පවුලේ අය මිතුරන් හමුවෙන අවස්ථා සඳහාද කදිමයි. මෙය අතුරුපසක් ලෙස මෙන්ම ප්‍රධාන ආහාරවෙලට අමතරව අමුත්තන්ට පිළිගැන්වීම සඳහාද යොදා ගනී.
බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ  චොක්ලට් පුඩිං සමඟ සම්බන්ධ රස මතකයන් ඇත. බොහෝ දෙනෙකුට තම මවගේ හෝ ආච්චි සාදාදුන් චොක්ලට් පුඩිං රසය මතකයේ රැඳී ඇත. මෙම මතකයන් නිසා චොක්ලට් පුඩිං අතුරුපසක් පමණක් නොවේ හැඟීම්බර අත්දැකීමකි.
බොහෝ දෙනෙක් තම දරුවන්ට ද එම අත්දැකීම ලබාදීමට කැමති වන අතර, එමඟින් පරම්පරාවෙන් පරම්පරාවට චොක්ලට් පුඩිං වට්ටෝරුව පැමිණීම සිදුවේ. වර්තමානය වන විට චොක්ලට් පුඩිං විවිධ ආකාරයෙන් නවීකරණය වී ඇත.
බොහෝ ශෙෆ්වරුන් සාම්ප්‍රදායික වට්ටෝරුවලට නව අමුද්‍රව්‍ය එකතු කරමින් නව රසයන් නිර්මාණය කරති. චොක්ලට් පුඩිං යනු සරල නමුත් ඉතා රසවත් වූ අතුරුපසකි. එය සෑදීමට ඉතා පහසු වන අතර විවිධ විශේෂ අවස්ථා සඳහා සුදුසු වේ.
මෙම වට්ටෝරුව මේ වන විට ලෝකය පුරා ජනප්‍රියව ඇති අතර එය සංස්කෘතික සීමා මායිම් ඉක්මවා ගොස් ඇත. චොක්ලට් පුඩිං හුදෙක් අතුරුපසක් පමණක් නොව එය සතුට ගෙන එන රසවත් රහසකි. නිවසේදීම මෙම අතුරුපස හදලා එහි ඇති රසවත් බව අත්විදින්න ඔයාලටත් පුළුවන්.