Sorry, you need to enable JavaScript to visit this website.

ඉඳි ආප්ප කොත්තු

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි කරගත් ඉඳිආප්ප කෝප්ප 1
  • ග්‍රීන් පීස් කෝප්ප 1/4
  • තක්කාලි කෝප්ප 1/4
  • කැරට් කෝප්ප 1/4
  • ලීක්ස් කෝප්ප 1/4
  • පිසගත් කුකුල් මස් කුඩා කැබලි
  • බිත්තර
  • මැගී චිකන් සුප් කැට
  • ලූණු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් මිරිස් තේ හැඳි 1
  • ලුණු
  • තෙල් මේස හැඳි 2
  • සුදු ලූණු තේ හැඳි 1/2
  • ඉඟුරු තේ හැඳි 1/2

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

තෙල් මේස හැන්දක් පෑන් එකට දමා රත්කරගන්න. ඊට ඉඟුරු, සුදු ලූණු, ලූණු එක්තු කරන්න. ඊට තක්කාලි සහ සිහින්ව කපාගත් මිරිස් එකතු කරන්න.

2 පියවර

වතුර මේස හැන්දක්ද එක් කරන්න. ලිපෙන් බා ගැනීමට පෙර හොඳින් ම්ශ්‍ර කරන්න. තවත් තෙල් මේස හැන්දක් පෑන් එකකට දමා රත් කරන්න. ඊට ලීක්ස්, කැරට් එකතු කරන්න.

3 පියවර

කුකුල් මස් කැබලි සහ ග්‍රීන් පීස් ද එක් කරන්න. මැගී සුප් කැටයද එක් කරන්න. බිත්තර ද එක්කරන්න. මිනිත්තු කිහිපයක් හැඳි ගාමින් පිසෙන්නට හරින්න.

4 පියවර

කුලු බඩු හා තක්කාලි මිශ්‍රණය ඊට එක් කරන්න. සිහින්ව පොඩිකරගත් ඉඳි ආප්පද එක් කරන්න. රස අනුව ලුණු දමන්න.

5 පියවර

ලිපෙන් ඉවතට ගැනීමට පෙර හොඳින් මිශ්‍ර කරන්න. උණුවෙන්ම පිළිගන්වන්න

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 414.15

ප්‍රෝටීන් (g) 9.22

මේදය (g) 17.34

කාබෝහයිඩ්‍රේට් (g) 53.435

විටමින් A (mcg) 147.3

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි