Sorry, you need to enable JavaScript to visit this website.

චොප් සි

  • චොප්සි කියන්නේ අපි කාටත් හුරු පුරුදු කෑම වර්ගයක්. චීන කෑම වර්ග ගැන උනන්දු කොයි කාටත් චොප්සි රස හොඳට පුරුදුයි. චෝප්සිවල උපත ගැන අපිට මුල්ම සාක්ෂි අපිට හමුවෙන්නේ චීනයෙන්.
  • “Chop Suey” කියන චීන නම පසුකාලයක චොප්සි විදිහට වෙනස් වුණා කියලා සැලකෙනවා. මෙය 19 වන සියවසේ අග භාගයේදී ඇමරිකාවේ ජීවත් වුණු චීන සංක්‍රමණිකයන් ඇමරිකාවේ ජනප්‍රිය කළ කෑමක් වශයෙන් තමයි සැලකෙන්නේ.
  • ඉන්පසුව මෙම චොප්සි ඇමරිකාවේ ආහාර සංස්කෘතියටද එක් වුණු අතර මේ වන විට ලෝකය පුරා චොප්සි ජයප්‍රියයි. මේ ආහාර වට්ටෝරුවට ප්‍රිය කරන හැම රටකම චෝප්සිවලට ඒ ඒ ආහාර සංස්කෘතිය අනුව ආවේණික රසයන් ලබාදී තියෙනවා.
  • ශ්‍රී ලංකාවේ අපි හදන චොප්සි සාම්ප්‍රදායික චීන වට්ටෝරුවට වඩා වෙනස් වෙන්නේ අපි එයට ශ්‍රී ලාංකික රසට ගැලපෙන පරිදි දේශීය රසකාරක එකතු කරන නිසාවෙනි.
  • රසවත්ව වගේම ගුණයෙන් පිරුණු කෑම වලට කැමති ඔබ ගෙදර හදලා බලන්නම ඕන දෙයක් තමයි චෝප්සි කියන්නේ.චෝප්සිවල රස වගේම තවත් හොඳ දෙයක් තමයි මෙය පහසුවෙන්, ගෙදර තියන අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් වීම. එහෙනම් අපි බලමු කොහොමද මේ රසවත් චොප්සි ඉක්මනින්, ලේසියෙන් හදාගන්නේ කියලා.

 

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ගෝවා ග්‍රෑම් 200
  • බිම් මල් ( කෑලි කපාගත්) ග්‍රෑම් 200
  • ග්‍රීන් බෙල් පෙපර් 1 ( තීරු කපාගත්)
  • බෝංචි 10
  • ලොකු ළුෑණු 1 (ලියා ගත්)
  • කුඩා ප්‍රමාණයේ කැරට් 2 (පෙති කපාගත්)
  • ගම්මිරිස්
  • ලුණු
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව කපා ගත්)
  • සැල්දිරි දඬු 2 ( කෑලි කපාගත්)
  • සෝයා සෝස් මේස හැඳි 1/2
  • එළවළු තෙල් තේ හැඳි 1
  • වතුර මිලි ලීටර් 50
  • බඩ ඉරිඟු පිටි තේ හැඳි 1 1/2
  • මැගී චිකන් සීසනිං කියුබ් 1
  • බෙල්ලන් සෝස් තේ හැදි 1 ක් (අත්‍යවශ්‍ය නොවේ)

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

කුඩා භාජනයක් ගෙන ඊට සුදු ලූණු සෝයා සෝස්, බඩ ඉරිඟු, පිටි, ලුණු වතුරවලින් ස්වල්පයක් දමන්න. හොඳින් මිශ්‍ර වන තුරු කවලම් කරන්න. පෑන් එකක් ගෙන තෙල් රත් කරගන්න ඊට සැල්දිරි දඬු.

2 පියවර

ලුණු එක්කර සැල්දිරි දඬු තැම්බෙන තුරු රත් කරන්න තැම්බුණු සැල්දිරි දඬු ලොකු භාජනයකට මාරු කරන්න නැවත තෙල් රත් කර ඊට ළුෑණු, කැරට්, බෝංචි, බෙල් පෙපර් දමා හොඳින් කවලම් කරන්න.

3 පියවර

ඉන්පසු ඊට බිම්මල් එකතු කරන්න එයද කවලම් කර ලුණු ගෝවා එක්කර කවලම් කරන්න. ඉන් පසු වතුර එක් කරන්න.

4 පියවර

එම මිශ්‍රණයට සැල්දිරි දඬු එක් කරන්න. සෝයා සෝස් මැගී සීසනිං කියුබ් ගම්මිරිස් වතුර එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා (146g)

කැලරි 70 kcal

ප්‍රෝටීන් 3 g

මේද 2 g

කාබෝහයිඩ්‍රේට් 11 g

විටමින් A 387 mcg

විටමින් C 43 mcg

ලංකාවේ බොහෝ වැඩිහිටියන් කෑමවල ගුණ ගැන හරිම උනන්දු වෙනවා. පෝෂණ ගුණයෙන් වැඩි කෑම ගැන උනන්දු වෙන ඔබට මේ වට්ටෝරුව ඉතා හොඳින් ගැලපෙනවා. පාට පාට එලවළු ඔබේ ආහාර රුචිය තවත් වැඩි කිරීමට සමත් වෙනවා. ඕනම බත් වර්ගයක් සමඟ චොප්සි ආහාරයට ගත හැකි වුණත් එය වඩාත්ම ජනප්‍රිය ෆ්‍රයිඩ් රයිස් සමඟයි. විවිධ පාට එළවලු වගේම නැවුම් රසයක් ඇති නිසා උදේ, දවල්, රාත්‍රී ඕනම ආහාර වේලක් සඳහා සුදුසුයි. පවුලේ අය එකට හමුවන රාත්‍රී ආහාරය, මිතුරු හමු හෝ විශේෂ උත්සව සඳහා මෙය ඉතා සුදුසුය. මෙම ආහාර වට්ටෝරුව පහසුවෙන් පිළියෙළ කළ හැකි නිසා වගේම බොහෝ පිරිසක් සඳහා පිළිගැන්විය හැකි නිසා මෙය තවත් හොඳයි. චොප්සි සාමාන්‍යයෙන් උණුසුම්ව පිළිගන්වන අතර, එය නිවසේදී  සාදන දුම් දමන චොප්සි බඳුනක රස ඔබේ මතකයේ බොහෝ කල් රැදේවි.

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි