Sorry, you need to enable JavaScript to visit this website.

ඊසි බ්ලැක් පෝක් කරි

  • ප්‍රමාණවත් : 6

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • ලෝ ෆැට් බෝන්ලස් පෝක් (කුඩා ප්‍රමාණයේ කැට කපා ගත්) 1 kg
  • ළූනු - පෙති කපා ගත් 3
  • සුදුළූනු බික් 5 (අඹරන ලද / පේස්ට්)
  • ඉඟුරු අඟල් 2ක ප්‍රමාණයේ කැබැල්ලක් (අඹරන ලද / පේස්ට්)
  • කරපිංචා ඉති 2
  • රම්පේ කොළ (අඟල් 4ක ප්‍රමාණයේ කැබැල්ලක්)
  • ලෙමන්ග්‍රාස් 1
  • කොළ / රතු මිරිස් 2 (මැදින් පලාගත්)
  • මිරිස් කුඩු මේස හැඳි 2
  • කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
  • සූදුරු කුඩු තේ හැඳි 1
  • ගොරකා පේස්ට් තේ හැඳි 1 1/2
  • සියඹලා පල්ප් මේස හැඳි 2
  • කරාබු නැටි 2
  • එනසාල් 3 (තලාගත්)
  • මැගී වෙජිටබල් සීසනිං කියුබ් 1
  • හකුරු කුඩු / සීනි තේ හැඳි 1
  • වතුර කෝප්ප 1
  • සන්ෆ්ල්වර් ඔයිල් 20 ml (1 1/2 මේස හැඳි)

ingredients icon සාදාගන්නා ආකාරය

පියවර 1

ෆ්‍රයින් පෑන් එකක් හෝ වියළි සාස්පානක් මද තාපයේ ලිප තබා එයට කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු සහ මිරිස් කුඩු එක්කට අඳුරු පැහැ වනතුරු සහ සුවඳ එනතුරු බැදගන්න. එය පසෙකින් තබන්න.

පියවර 2

ගොරකා පේස්ට් සහ බැදගත් කුළුබඩු, පෝක් සමග මිශ්‍ර කර හොඳින් මැරිනේට් වීමට අවම වශයෙන් පැයක්වත් තබන්න (හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එක රැයක් තබන්න).

පියවර 3

මද තාපය මත සාස්පාන් හෝ මැටි බඳුනක තෙල් රත් කරන්න. තෙල් රත් වූ පසු ළූනු, කරපිංචා, සුදුළූනු, ඉඟුරු, අමු මිරිස්, රම්පෙ සහ ලෙමන්ග්‍රාස් එකතුකර ලා දුඹුරු පැහැ වනතුරු බැදගන්න. මැරිනේට් කළ පෝක්, සියඹලා, සීනි, කරාබු නැටි, එනසාල්, මැගී වෙජිටබල් සීසනිං කියුබ් සහ වතුර එකතු කරන්න.

පියවර 4

හොඳින් රත් වූ පසුව අඩු තාපය අඩු කරන්න. පෝක් මෘදු ගතිය වන තෙක් මිනිත්තු 30 - 45 ක් පියන වසා තම්බන්න. (පෝක්වල ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව කාලය වෙනස් විය හැකියි)

පියවර 5

උණුසුම් බත් හෝ නැවුම් පාන් සමග පිළිගන්වන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

කැලරි (Kcal) 376Kcal

කාබෝහයිඩ්‍රේට (g) 19g

ප්‍රෝටීන් (g) 34g

මේදය(g) 20g

සංතෘප්ත මේදය (g) 14g

තන්තු (g) 2.6g

සෝඩියම් (mg) 168mg

කැල්සියම් (mg) 72mg

පොටෑසියම් (mg) 776mg

යකඩ (mg) 3.3mg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි