Sorry, you need to enable JavaScript to visit this website.

චිකන් කොටේජ් පයි

ingredients icon අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි කරගත් මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • අර්තාපල් ග්‍රෑම් 750
  • ක්‍රීම් මිලි ලිීටර් 100
  • බටර් ග්‍රෑම් 50, ලුණු
  • ගම්මිරිස්
  • Nestle a + Fresh milk මිලි ලීටර් 200
  • පිරවුම සඳහා
  • පිසගත් කුකුල් මස් ග්‍රෑම් 500
  • සැල්දිරි දඬු 2 (පෙති කපාගත්), ලීක්ස් 2 ( පෙති කපා ගත්)
  • ළුෑණු ගෙඩි 1 ( සිහින්ව කපාගත්), කැරට් 1 (පෙති කපාගත්)
  • පාස්ලි දලු 2 -4 ( තලාගත්), ඔලිව් තෙල් තේ හැඳි 2
  • බටර් ග්‍රෑම් 50, පිටි ග්‍රෑම් 50
  • සාදික්කා තේ හැඳි 1/2
  • දවුල් කුරුඳු
  • සුදු ළුෑණු බික් 2 ( සිහින්ව ලියාගත්)
  • මැගී චිකන් ස්ටොක් මිලි ලීටර් 500 ( වතුර මිලි ලීටර් 100කට මැගී චිකන් සීසනින් කියුබ් 1 )

ingredients icon සාදාගන්නා ආකාරය

1 පියවර

අර්තාපල් පොතු ඉවත් කර කෑලි කපා ගන්න. ලුණු වතුර ස්වයල්පයක් ඉස තැම්බෙන්නට තබන්න, තැම්බුණු පසු ලිපෙන් බාගන්න. වතුර ඉවත් වන්නට හැර අර්තාපල් හොඳින් පොඩි කර ගන්න. පොඩි කරගත් අර්තාපල් රත් කරන්න

2 පියවර

ඊට බටර්, කිරි, ක්‍රීම් එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඊට ගම්මිරිස්, ලුණු එක් කර මිශ්‍රණය ඝන වනතුරු හැඳි ගාන්න පසෙකින් තබන්න.

3 පියවර

තෙල් රත් කර ගන්න ඊට බටර්, කුකුල් මස් එක් කර වරින් වර හැඳි ගාන්න. ඊට ළුෑණු, සුදු ළුෑණු එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. ඊට ලීක්ස්, කැරට්, සැල්දිරි, දවුල් කුරුඳු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට ගම්මිරිස්, ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට පිටි ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට මැගී චිකන් ස්ටොක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න

4 පියවර

සාදික්කා ක්‍රීම් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට පාස්ලි එක්කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න. හැන්දකින් ගෙන කුකුල් මස් මිශ්‍රණය බේකින් ඩිෂ් එක මත තබන්න. පොඩිකරගත් අල මිශ්‍රණය ගෙන ඒ මත තවරන්න. අංශක 180ට රත්කරගත් අවන් එකක දමා විනාඩි 25 - 30ක් බේක් කර ගන්න පාස්ලි යොදා සරසා ගන්න.

අවසන්

ingredients iconපෝෂණ තොරතුරු

එක් අයෙක් සඳහා ග්‍රෑම් 455

කැලරි 348 kcal

ප්‍රෝටීන් 16g

මේද 10g

කාබෝහයිඩ්‍රේට් 39g

විටමින් A 314mcg

විටමින් C 32mcg

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි