පෑන් එකකට තෙල් දමා රත් කරගන්න. ඊට චිකන් එක් කර දෙපසම රන්වන් දුඹුරු පැහැ වනතුරු පිසගන්න
ඊට ගම්මිරිස් බටර් සුදු ළුෑණු තයිම් එක් කරන්න. චිකන් බටර් මිශ්‍රණය සමඟ හොඳින් තවරා ගන්න
චිකන් ඉවතට ගන්න. එම පෑන් එකට ළුෑණු දමා බැදගන්න.
ඊට බිම් මල් අමු ගම්මිරිස් මැගී චිකන් ස්ටොක් කියුබ් එක්කර හොඳින් මිශ්‍ර කරන්න
උකු මැගී පොල් කිරි ඊට එක් කරන්න. හොඳින් කවලම් කරන්න. පැසෙන්නට හරින්න. ඒ මත චිකන් තබා විනාඩි දෙකක් පමණ පිසගන්න
ලිපෙන් බා ගන්න. පෑන් එකට ඉතිරි තෙල් දමා රත් කර ගන්න. ඊට සුදු ළුෑණු එක්කරන්න. සුදු ළුෑණු බැදගන්න. ඊට බෝංචි එක් කරන්න.
බෝංචි පිසෙන තුරු තබා ලුණු සීසන් කරන්න. බෝංචි භාජනයක දමා ඒ මත චිකන් තබන්න. බිම්මල් සෝස් සහ මිරිස් හා අමු ගම්මිරිස් සමඟ සරසා පිළිගන්වන්න
Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි